Breaking News
Home / Video / රවී නෑ කියලා එජාපය කඩාවැටෙන්නේ නෑ එයා ආපු නැති එකට කනගාටුයි. තරුණ නායකත්වය කියන්නේ නම් අපි – නවින්

රවී නෑ කියලා එජාපය කඩාවැටෙන්නේ නෑ එයා ආපු නැති එකට කනගාටුයි. තරුණ නායකත්වය කියන්නේ නම් අපි – නවින්

එක්සත් ජාතික පක්ෂය රඳා පවතින්නේ චරිත මත නොව දැක්ම සහ පක්ෂ නායකයින් හා පාක්ෂිකයන් අතර ඇති සම්බන්දතාව මත  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන්  දිසානායක මහතා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද  (07) පෙරවරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 37 වන ජාත්‍යන්තර රබර් සමුළුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඊයේ (06) දින සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති එජාප මැයි රැළියට පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු පමණක් නොව රවී කරුණානායක වැනි ඉදිරිපෙළ ඇමැතිවරුද සහභාගී නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නවීන් දිසානායක මහතාගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඒ බව කියා සිටියේය.

මේ වන විට නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වයටද සොබාදහමට අනුව ඉදිරියේදී පිළිතුරු ලැබෙනු ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊයේ දින පැවති මැයි රැළියට ජනතාව ගෙනෙන්නට ලොකු උත්සහයක් නොදැරූ තත්ත්වයකදීත් විශාල පිරිසක් සහභාගී වීමෙන් කුමන ප්‍රශ්න පැවතියද පාක්ෂිකයන් පක්ෂයට ආදරය බව පෙන්නුම් කළ බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

නිශාන්ත ප්‍රියදර්ශන

About article14

Check Also

හේෂා චමින්ද ඩයනාගේ ගෙදර, තිස්ස ඩිල් කතා කරලා, සජිත්ට කියලා ඡන්දේ දුන් ඩයනා, තිරය පසුපස කතාව

සමගි ජන බලවේග මන්ත‍්‍රීවරුන් වන බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත්‍රික් හේෂා විතානගේ, ජාතික …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!