Breaking News
Home / දේශීය පුවත් / රවී ඉල්ලා අස්වීමට සූදානම්!

රවී ඉල්ලා අස්වීමට සූදානම්!

වත්මන් විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සිය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්වන බවත් එම අමාත්‍ය ධුරය සඳහා තිලක් මාරපන අමාත්‍යවරයා පත් කිරීමට නියමිත බවත් වාර්තාවේ.

වත්මන් රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු මහ බැංකුවේ අධිපති ධුරය සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා පත් කළ අතර ඔහු සිදු කළ බැඳුම්කර අලෙවියේදී සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරිම සඳහා පත් කළ කොමිසමේදි අනාවරණය වූ කරුනු අනුව බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයන් සමග වංචාවට අදාළව රවී කරුණානායක මහතා සමීප ගනුදෙනුවක් සිදුකර ඇති බවට එම කොමිසමේදී හෙළිදරවිය.එම හෙළිදරව්වත් සමග ඔහු කැබිණට් මණ්ඩලයෙන් ඉල්ලා අස්විය යුතු බවට පාර්ශව ගණනාවකින් බලපෑම් එල්ල විය.

බැඳුම්කර වංචාව සිදු වූ සමයේ රවී කරුණානායක මහතා මුදල් ඇමතිවරයා ලෙස කටයුතු කළේ ය.රවී කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුර සඳහා පත් කිරීමට සූදානම් වන තිලක් මාරපන ඇමතිවරයා මෙරට සුප්‍රසිද්ධ අවන්ගාඩ් අවි ගණුදෙනුවේ චූදිතයන්ට සහයෝගය දක්වන බවට පාර්ලිමේන්තුවේදී හෙළිදරව් වීම නිසා රට තුළ නැගුණු විරෝධය හමුවේ ඔහු එතෙක් ඇමති ධුරය පොලීසිය බාර ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය.එහෙත් මෑතකදී ඔහුට නැවත වරක් අමාත්‍යධුරයක් පිරිනමමින් කැබිනට් මණ්ඩලයට ගැනීමට අගමැතිවරයා සහ ජනාධිපතිවරයා කටයුතු කෙළ්ය.

Lankathruth

 

About article14

Check Also

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි මෛත්‍රීට දන්වයි

2015 ජනවරම අනුව රට අරාජික නොකර රට ස්ථාවර කර රට පාලනයට කටයුතු කරන්න – මල්වතුනාහිමි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!