Breaking News
Home / දේශීය පුවත් / පුනුරුත්තාපන කොටි සාමාජිකයකුගේ ආන්දෝලනාත්මක හෙලිකිරීම – රනිල් සාමය කාලේ කල දේවල් කලානම් අද ඩයස්පෝරාව සුන්වෙලා යුද්දෙන් සටන ඉවර කල නිසයි තාම ඊලාම් සිහිනය තියෙන්නේ

පුනුරුත්තාපන කොටි සාමාජිකයකුගේ ආන්දෝලනාත්මක හෙලිකිරීම – රනිල් සාමය කාලේ කල දේවල් කලානම් අද ඩයස්පෝරාව සුන්වෙලා යුද්දෙන් සටන ඉවර කල නිසයි තාම ඊලාම් සිහිනය තියෙන්නේ

Image result for london ltte protest

මාධ්‍යවේදිනියකට යාපනයේ පුනුරුත්තාපනය වූ කොටි සාමාජිකයකු මුණගැසී ඇය තැබූ සටහනකින් මෙය උපුටා ගන්න ලදී..

දවසක් මට යාපනේදී ඉතාම අහම්බයකින් පුනුරුත්ථාපනය වෙච්චි LTTE සාමාජිකයෙක් හම්බ වුණා. ඔහුට හොදටම සිංහල පුළුවන් පුනුරුත්ථාපන කදවුරේ දී ඉගනගත්ත බව මා සමග කීවා.

මම ඉතිං හොදට කතා කරලා යාලු කරගෙන පොඩ්ඩක් කැඩිච්ච දෙමළෙනුත් කතා කලා. ඒකට ඔහුට ගොඩක් සතුටු හිතුණ බවක් මට පෙනුනා. මම ටික ටික පරිසමින් විශ්වාස දිනාගෙන LTTE කාලේ වෙච්චි දේවල් හා තොරතුරු ටිකක් විමසුවා. මුලදී ඔහු දිගින් දිගටම ඒ තොරතුරු කතා කිරීම මග හැරියා. පස්සේ අපි වතාවල් කිහිපයක දී විවිධ වැඩ වලදී නැවත හමු වුණා. මම යාපනයට ගියාම කතා කරනවා.

ඔහොම ඉන්නකොට ටික දවසක් ගිහින් විශ්වාස ඇතිවෙලා දවසක් මේ පුද්ගලයා “රනිල් වික්‍රමසිංහට ” බණින්න පටන් ගත්තා. මම ඒක බලාපොරොත්තු වූ දෙයක් නෙමෙයි.

“නෝනා දන්නවා ද LTTE එක අඩපණ කළේ අපේ මොරාල් අවුල් කලේ රනිල්. මම පොඩි උදාහරණයක් කියන්නම් ඒකෙන් හිතාගන්න රනිල් මොනතරම් සූක්ෂම ද කියලා . රනිල් කොච්චර සූක්ෂම ද කියනවා නම් සාම ගිවිසුම කාලේ අපි කරන්ට් එක ඉල්ලපුවාම රනිල්කරන්ට් එකත් එක්ක අපේ හැම ගෙදරකට වාගේ TV එකක් ප්‍රිජ් (ශීතකරණය ) දුන්නා. අන්න ඒ වගේ හරිම කපටි වැඩ ගොඩක් කලා. අන්නාට ( ප්‍රභාකරන්ට ) ඒක පස්සේ තේරුණා.

මහින්ද ගේන්න ඕනා වුනේ යුද්ධය කරගෙන යන්න. මොකද යුද්ධ කරලා පැරදුණත් මේ සටන තියෙන බව අන්නා( ප්‍රභාකරන් ) දැනගෙන හිටියා. හැබැයි රනිල් කරපු දේවල් සාර්ථක වුණා නම් යුද්දේ නැතුව රනිල් දිනලා. එහෙනම් අද ඩයස්පෝරාවක් නෑ. මිනිහා නරියා ඒක කෑල්ලක් ඉතුරු නොවී දියකරනවා. මේ ඊලාම් කතාව ඉවරයි.

මහින්ද හින්දා තමයි තවමත් ඊලාම් සිහිනය ඩයස්පෝරවට හරි ඉතුරු වුණේ. “මම ටිකක් ඇස් පුංචි කරලා ඔහු දිහා බැලුවා. ඊට පස්සේ මම ආයේ කවදාවත් යාපනයට ගියාට ඔහුට කතා කලේ නෑ. එහෙම වෙන්නේ ඇයි කියලා මටත් හිතා ගන්න බෑ.

සබැඳි පුවත් – බ්‍රේගෙඩියර් ප්‍රියංකට පරීක්ශණ නෑ. වරදක් කරලත් නෑ. කොටින්ට එරෙහිවූ සිංහයා වෙනුවෙන් හමුදාපති පෙරට

About article14

Check Also

ගෝඨාභය අත් අඩංගුවට ගන්න නොදෙන්නේ විධායක ජනාධිපති සිරිසේන – නීතීඥ සුගන්ධිකාගේ අන්දෝලනාත්මක හෙලිකිරීම

අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලු කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකස් කර තිබියදීත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!