Breaking News
Home / දේශීය පුවත් / රනිල් වඩු වෘතිකයන් අරලියගහ මැදුරට ගෙනවිත් සිරිසේනට එරෙහිව වැඩක් දෙයි

රනිල් වඩු වෘතිකයන් අරලියගහ මැදුරට ගෙනවිත් සිරිසේනට එරෙහිව වැඩක් දෙයි

වඩු කර්මාන්තය සුරක්‍ෂිත කරන අතරම වනවගාව පුළුල් කළ යුතු බව පැවසූ වික්‍රමසිංහ මේ වන විට ශ්‍රී ලංකාවේ වනගහණය 28% ක් පමණ වන බවත් එය තවත් වැඩි දියුණු කළ යුතු බවත් පවසනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ මොරටුව ප්‍රදේශයේ වඩු කාර්මිකයන් හා දේශපාලනඥයින් පිරිසක් සමඟ (10) දින අරලියගහ මන්දිරයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී

කිසිම අවස්ථාවක රටේ වඩු කර්මාන්තයට බාධා වන ආකාරයට මැදිහත්වීමට අපට අවශ්‍ය නැහැ. රටක් ලෙස වඩු කර්මාන්තය සාර්ථකව ඉදිරියට ගෙන යා යුතුයි. 2003 වසරේදී අපි වඩු කර්මාන්තය නවීකරණය කිරීමේ වැඩකටයුතු ආරම්භ කළා යනුවෙන් ඔහු පවසා තිබෙනවා.

ඒ අනුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ලබාදෙන ණය සහන වඩු කර්මාන්තයටත් ලබාදීමට කටයුතු කරන බව මේ අවස්ථාවේදී වඩු කාර්මිකයන්ට මතක් කර දී තිබෙනවා.

අප රටේ වගකිව යුත්තන් ලෙස කටයුතු කළ යුත්තේ මෙවැනි කර්මාන්ත දියුණු කිරීමටයි. මෙම කර්මාන්තයේ නියැලෙන පුද්ගලයන්ට සාර්ථකව මුදල් ලබාගත හැකි ආකාරයට මෙම කර්මාන්තය සංවර්ධනය කරණවා යනුවෙන්ද අගමැති ඔවුන්ට දන්වා තිබෙනවා.

About article14

Check Also

අපේක්ෂකයා එන්නේ කාගේත් එකගත්වයෙන් එජාපයෙන් – එජාප මහලේකම්ගෙන් නිවේදනයක්

එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිලිබදවයි. එය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!