Breaking News
Home / දේශීය පුවත් / රනිල් – මෛත්‍රී රාත්‍රියේ හමුවෙයි. විජේදාසගේ ඉරණම එහිදී තීන්දු වෙයි

රනිල් – මෛත්‍රී රාත්‍රියේ හමුවෙයි. විජේදාසගේ ඉරණම එහිදී තීන්දු වෙයි

විජයදාස රාජපක්ෂට දුන් සහන කාලය අද දිනයෙන් අවසන් වූ බවත් ඒ කාලය තුල ඔහු තමන් කරන ලද ක්‍රියාවන් කෙරෙහි සමාව ඉල්ලීමක් හෝ ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වීමක් හෝ සිදුනොකර ඊටත් එහා ගොස් පක්ෂ නායකයන්ට මඩ ගැසීම ආරම්භ කර ඇති බැවින් අද රාත්‍රී ජනාධිපතිවරයා හමුවී විජේදාස සම්බන්ධයෙන් ගන්නා වූ අවසන් තීන්දුව ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ අද සවස රැස්වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායමට දැනුම් දී තිබේ.

අද සවස රැස්වූ එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම විනාඩි 20 ක් තරම් කෙටි කාලයක් පැවැති අතර ඊට විජේදාස රාජපක්ෂ සහභාගී වූයේ ද නැත. අජිත් පී පෙරේරා, රන්ජන් රාමනායක, හරීන් ප්‍රනාන්දු මරික්කාර් ආදී මහජන නියෝජිතයන් විජේදාස සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය ගැන අගමැතිවරයාගෙන් විමසන ලද අවස්ථාවේ දී ඔහු ඉහත දැනුම් දීම සිදුකර තිබේ.

Lankaenews

About article14

Check Also

සිරිසේනට 2020 ජනපති අපේක්ෂක කම දෙන්න මහින්ද සුදානම් බව කියද්දී ව්‍යවස්ථාව කඩපු මිනිහෙක්ට දෙන්න එපා යයි වෙල්ගමගෙන් නැවත ප්‍රහාරයක්

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයක දී තම පාර්ශ්වයේ අපේක්ෂකත්වය වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට තමන් විරෝධය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!