Breaking News
Home / දේශීය පුවත් / රනිල් මෛත්‍රී එකතුවී ආයතන 100 ක බලය පිහිටුවා 2020 වන තෙක් ජාතික ආණ්ඩුව ගෙන යන්න තීරණයක්

රනිල් මෛත්‍රී එකතුවී ආයතන 100 ක බලය පිහිටුවා 2020 වන තෙක් ජාතික ආණ්ඩුව ගෙන යන්න තීරණයක්

පලාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් අනතුරුව අද පැවති හදිසි සාකච්ඡාවේදී තීරණ කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව පලාත් පාලන ආයතන බහුතරයක් පොදුජන පෙරමුණ විසින් ජයග්‍රහණය කලද සම්මුතිවාදී ආණ්ඩුව ඒ ලෙසම පවත්වාගෙන යාමට ජනපති මෛත්‍රි සහ අගමැති රනිල් අතර එකඟතාවක් ඇතිවී ඇත.

බහුතර පලාත් පාලන ආයතන සංඛ්‍යාවක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කලද සමස්ථ ප්‍රථිශතය ගත්කල යහපාලනය වෙනුවෙන් පැවති ඡන්ද පදනම එසේම පැවතීමත්, මහින්ද රාජපක්ෂ වටා ඇති ඡන්ද පදනම 2015 වඩා සපේක්ෂ අඩුවීමත් යන කරුණු හේතුකොට ගෙන රජය කෙරෙහි ඇති ජනපදනම නොඅඩුව පැවතීම විශ්ලේෂණය කොට ඇති අතර, පලාත් පාලන ආයතන 100 ක් පමණ ශ්‍රීලනිප සහ එජාප එකඟතාව මත බලය පිහිටුවීමට කටයුතු කරන බව සඳහන් කොට ඇත.

තවද, මෙම ජනබලය යහපාලනයට එරෙහිව ඇති බව නිර්ණය කරනු ලබන ශ්‍රීලනිප ඇමතිවරුන් හට රජයෙන් ඉවත් වීමට කිසිදු බාධාවක් නොමැති බව ජනපති මෛත්‍රී සඳහන් කර ඇති අතර, ඔවුන් රජයෙන් ඉවත්ව ගියද එජාප – ශ්‍රීලනිප සම්මුතිවාදී රජය එලෙසම පවත්වාගෙන යන බවද දැනුම් දී ඇත. එසේම ඉදිරියේදී රැඩිකල් තීන්දු තීරණ රැසක් ගෙන ඒමට ද්වීපාර්ශ්වික එකඟතාවකට අද (11) පැමිණ ඇති බව තොරතුරු අනාවරණය වේ.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!