Breaking News
Home / Video / රනිල් පාර්ලිමේන්තුවේ 117 පෙන්වයි. මහින්ද සිරිසේන ආණ්ඩුවේ වැඩ තහනම 18 දක්වා දීර්ග වෙයි. දෙමල සන්ධානයට සිරිසේනගෙන් බලපෑම්. ජනවාරි රජයේ සේවයට පඩි නැ

රනිල් පාර්ලිමේන්තුවේ 117 පෙන්වයි. මහින්ද සිරිසේන ආණ්ඩුවේ වැඩ තහනම 18 දක්වා දීර්ග වෙයි. දෙමල සන්ධානයට සිරිසේනගෙන් බලපෑම්. ජනවාරි රජයේ සේවයට පඩි නැ

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ. යෝජනාවට පක්ෂව ඡන්ද 117 ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ නොකර සිටියේය. එසේම දෙමල සන්ධාන චන්ද 14 ත් රනිල්ට ලැබුනේ අද උදැසන සිරිසේන විසින් ගෙදර ගෙන්වාගෙන චන්දය නොදෙන ලෙස අවධාරණය කල පසුබිමකයි.

සිරිසේන ඉල්ලා තිබෙන්නේ රනිල්ට සහය පල නොකර මහින්දට සහය පලකරන ලෙසයි. එහෙත් දෙමල සන්ධානය පවසා තිබෙන්නේ ඔකොත්බර් 26 නැවත ස්ථාපිත කර බහුතරය පාර්ලිමේන්තුවේ මහින්දට පෙන්වා පසුව අගමැති තනතුර ගන්න ලෙසයි.

එසේ වුවොත් ඔවුන් මහින්දට මනාපය පළකිරීම සලකා බලන බව සදහන් කරනවා. එසේම දෙමල සන්ධානය මාවේදී සේනාධිරාජා පවසා සිටියේ ලංකාව බෞද්ධ රටක් ලෙස හා නොබෙදුන ඒකීය රටක් ලෙස පිළිගනිමින් අසාධාරණයට ලක්වූ දෙමල වැසියන්ට සිංහල නායකයින් විසින් සාධාරණයක් නිත්‍යානුකුලව ඉෂ්ට කරන ලෙසයි.

ඒ අනුව අගමැති වරයා වශයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති මන්ත්‍රීවරයා වන්නේ රනිල් වික්‍රමසිංහයි. මෙම යෝජනාව ගෙන ආවේ එජාප නි නායක සජිත් ප්‍රේමදාසයි.

රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ඒකීය රටක් තුල නොබෙදුන ලංකාවක සියලු ශ්‍රී ලාංකිකයන්ට රටක් හදන්නට තමන් ඇතුළු කණ්ඩායම කැපවන බවයි.

එසේම ලබන 18 දක්වා සිරිසේන මහින්දගේ ආණ්ඩුවේ වැඩ තහනම දීර්ග කර තිබෙන අතර එයට එරෙහිව දැමු ඇපෑල නිෂ්ප්‍රභා වී තිබෙනවා. ඒ අනුව සිරිසේන මේ ප්‍රශනය දෙසැම්බර් 31 ට නොවිසදුවොත් රජයේ සේවකයන්ට ජනවාරි සිට පඩි නැතිවෙන අතර රෝහල් හා සුබ සාධන කටයුතු මුදල් නොමැති කමෙන් අක්‍රිය වීමට හැක.

මහින්ද හා සිරිසේන සමග ඊයේ (11) රාත්‍රියේ පවතී සාකච්චාවේදී මහින්ද ඉල්ලා අස්වීමට කැමති වුවත් ගම්මන්පිල විරවංශ හා සුමතිපාල දිගින් දිගටම පවසා ඇත්තේ මෙය අල්ලාගෙන සිටිය යුතු බවයි. මේ ප්‍රශනය දිගින් දිගට ඇදෙමින් පවතින්නේ මොවුන්ගේ යම් හේතුවක් නිසා බව අභ්‍යන්තර ආරංචි සදහන් කරයි.

රජෙ සේවකයන්ට පඩි නැතිවී රෝහල්වල බේත් නොමැතිවි මිනිසුන් අසරණ වන දිනක් පැමිණියහොත් මෙහි මුලිකවම සොයා යායුතු චරිත පිළිබද සාමන්‍ය ජනතාව දැනුවත්ව සිටීම වැදගත්.

මේ රනිල්ට පාර්ලිමේන්තුවේ 117 ලැබුණු අවස්ථාවේ දර්ශන

About article14

Check Also

විදුලිය හිටි හැටියේ කැපෙන්නේ වැඩි මිලට පිටින් විදුලිය මිලට ගැනීමේ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් මත බව සේවකයන් චෝදනා කරයි

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම විදුලිය කප්පාදු කිරීමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරුවරුන් පවසනවා. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!