“නාලනීගේ පුතා වන රනිල් වික්රමසිංහ නෑකමින් ඔබේ බෑනා. අගමැතිට ඔබ නැන්දා.
ඔහු දේශපාලනයට පිවිසෙන බව දැනගත් විට ඔබට හිතුණේ මොකක්ද?
ඕ…මයි ගෝඩ් කියලා කියවුණා. දේශපාලනය කියන්නේ දඩබ්බර අයට හොඳ දෙයක්. රනිල් වගේ නිවුන අයෙක්ට ඒක සුදුසු නෑ කියලා හිතුණේ.
දේශපාලනයට ගිහින් කතාවක් කරගන්නේ කොහොමද කියලයි මට හිතුණේ. ඔහු අගමැති වූ විට මම පුදුම වුණා. රනිල්ට හොඳ මොළයක් තිබෙනවා. ඒ වගේම තමයි බලයටවත් දේපළවලටවත් ඔහුට කිසිම කෑදරකමක් නෑ.
කාලයක් ඔහුට මිනිස්සු බනිනවා. ඔයා පොත් කියවන්න, සිංදු අහන්න දේශපාලනය අත්හැරදාන්න කියලා මම රනිල්ට කිව්වා. ඔහුගේ උත්තරය වුණේ මම අභියෝගවලට කැමැතියි කියන එකයි. ඔහුත් එක්ක මම දේශපාලනය කරන්න කැමැති නෑ.
-අයිරාංගණී සේරසිංහ-”
Just for fun