Breaking News
Home / දේශීය පුවත් / රනිල් දින තුනක් යාපනයේ. නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10 ක් විවෘත වේ යාපනය ශික්ෂණ රෝහලට අලුත් ඒකකයක්. යාපනේදී මහින්දගේ දෙබිඩි මුහුණ හෙළිකරයි

රනිල් දින තුනක් යාපනයේ. නව ප්‍රාදේශීය ලේකම් කාර්යාල 10 ක් විවෘත වේ යාපනය ශික්ෂණ රෝහලට අලුත් ඒකකයක්. යාපනේදී මහින්දගේ දෙබිඩි මුහුණ හෙළිකරයි

අගමැති රනිල් වික්‍රමසිංහ (14) දින සිට දින තුනක් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක සංචාරයේ නිරත වනවා. රුපියල් මිලියන 40 ක වියදමින් මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිකොට ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ අලූතින් ඉදිකළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 06ක් මේ වන විට විවෘත කර තිබේ.

තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුනක් ඉදිකෙරෙමින් පවතින අතර තවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක් විවෘත කිරීමට ද නියමිතව ඇත.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නේ ගොඩනැගිලි ලබාදීම මගින් සිදු කරනුයේ ජනතා සේවයට පහසුකම් සැපයීම බැවින් දැන් මෙහි කාර්ය මණ්ඩලය ජනතාවට සේවය කිරීමේ කටයුතු ඉතා උසස් අන්දමින් සිදුකළ යුතු බවයි.යාපනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකය විවෘත කිරීමට සහභාගි වි තිබෙනවා.

එසේම කිලිනොච්චියේ නව වාට්ටු සංකීර්ණයක් හා නව අධියරක ඉදිකිරීම් ආරම්භ කිරීමක්ද මෙම සංචාරයේදී සිදුවුනා. බලය බෙදීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කිසිදු ලියවිල්ලක් සකස් කර නොමැති බව පැවසූ අග්‍රමාත්‍යවරයා ඒ සම්බන්ධව සාකච්ඡාවට බදුන් කර ඇත්තේ හිටපු ජනාධිපතිගේ සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා බවත් එදා එම යෝජනා අනුමත කළ අය අද ඒ යෝජනාවලින් රට බෙදන්න ක්‍රියා කරන බවට චෝදනා කරන බවත් අගමැති සඳහන් කලේ යාපනය වීරසිංහ ශාලාවේදී.

දේශපාලන බංකොලොත්කම නිසා රට බෙදනවා කියමින් ජනතාව මුලා නොකර අද කළ යුතුව ඇත්තේ සියලූ දෙනා එක්ව දේශපාලන විසදුමක් ඇති කර ගැනීම බව ඔහු පවසනවා.අක්කර 5000ක් පමණ හඳුනාගෙන උතුරු පළාතේ වැඩසටහනක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අගමැති සදහන් කලා.

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!