Breaking News
Home / දේශීය පුවත් / රනිල් එළබෙන මහා මැතිවරණයටත් කොළඹින් තරග බිමට

රනිල් එළබෙන මහා මැතිවරණයටත් කොළඹින් තරග බිමට

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එළැඹෙන මහමැතිවරණයට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් ඉදිරිපත් වනු ඇතැයි සිරිකොත පක්ෂ මූලස්ථානය සදහන් කරයි.

එමෙන්ම එළැඹෙන මහමැතිවරණයේදී කිසි ලෙසකින්වත් ජාතික ලයිස්තුවට ඇතුලත් නොවීමට කතානායක කරු ජයසූරිය මහතා තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග සදහන් කරයි.

දැනට තිබෙන දේශපාලන වාතාවරනය අනුව කථාකනායක කරූ ජයසූරිය මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එජාප නියෝජ්‍ය නායක විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවිමට යන පුළුල් සංධානයට අනුමැතිය ගැනීම සදහා එක්සත් ජාතික නායක රනිල් වික‍්‍රමසංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරි මන්ඩල රැස්විමක් ලබන සදදා (2) පැවැත්වේ.

විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවිමට යන පුළුල් සංධානයට එජාප කෘත්‍යාධිකාරී මන්ඩල අනුමැතිය ලැබීමෙන් පසුව එය නීත්‍යානුකූල සංධානයක් බවට පත්වේ.

About article14

Check Also

මැතිවරණය කල් දමයි මැකෝට යකා නගියි දිනය තීරණය කරන්නේ කොරෝනා බව කියයි

අප්‍රේල් 25 පැවැත්වීමට නියමිතව තිබු මැතිවරණය කල් දමා තිබෙනවා. දින 14 ඇතුලත එය කිසිසේත්ම පවත්වන්නේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!