රනිල් වික්‍රමසිංහ අගමැති වරයා විපක්ෂ නායක කාලයේ සිට නෙරපීමට එවකට සජිත්ගේ කැරලි පිලේ දැඩි සාමාජිකයින් දෙදෙනෙක් වෙන මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්තිලක අප්‍රමාන උත්සහයක් ගත්තත් එය වැලකීම මත ඔවුන් පක්ෂෙන් නෙරපුවා. මෑත කාලයේදී පක්ෂයක් නිර්මාණය කරගන්මින් නැවත විශ්වාස බංගයත් සමග ඔවුන්ට හොද ඉල්ලුමක් ලැබී ඇති අතර සිරස ආයතනයෙන්ද හොද තල්ලුවක් ලැබේ.
ඒ තල්ලුවෙන් අද (31) රනිල් එලවීමේ පෙළපාලියක් නුවර සිට කොලබට පැමිණෙන අතර මෛත්‍රී ගුණරත්න කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහුගේ වාහනයේ ගිනි අවි දෙකක් තිබීම නිසා.
කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෛත්‍රී ගුණරත්නගේ පියා හර්මන් ගුණරත්න මේ වන විට 2020 ජනාධිපතිවරණය පිළිබද බලාපොරොත්තු තබා ඇති ගෝටාබය රාජපක්ෂ මහතා සමග සමීපව වැඩ කරන බවයි.
එසේම 2015 යහපාලන ආණ්ඩුව සැදීමට මෙම රනිල් විරෝදින් වන ශිරාල් හා මෛත්‍රී ගුණරත්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට හවුල්වී කටයුතු කල අතර එහි කලගුණ සැලකීමක් ලෙස ශිරාල් ජනාධිපති උපදේශකයකු වන අතර ගුණරත්න ලංකා විදුලිබල අමාත්‍යංශයට අයත් ගල් අගුරු මිල දිගැනීමේ ආයතනයක සබාපති ලෙස ජානාධිපති සිරිසේන පත් කල අතර එහි ගල් අගුරු ටෙන්ඩර් මගඩියකට හසුවී පසුව එයින් ඉවත් කෙරිණි.
මේ වන විට ජනාධිපති සිරිසේනගේ පත්කිරීමක් යටතේ ලංකා කනිජ වැලි ආයතනයේ ක්‍රියාකාරී අධ්යක්ෂ වරයෙක් ලෙස මෛත්‍රී ගුණරත්න කටයුතු කරන අතර පසුගිය වසරේ එජාපයට විකල්ප පක්ෂයක් ඔවුන් ලියාපදිංචි කරගෙන මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේද ජනාධිපත්වරයාගේ තනතුරු බුක්ති විදිමින්ය.
කෙසේ වෙතත් මෙම කරුණු කාරනා මත මෛත්‍රී ගුණරත්න රනිල් එළවීමට කොලබට ඒමට සංවිධානය කල පෙළපාලියේ තිරය පසුපස සිටින පාර්ශව මෙම කරුණු කාරනා පැහැදිලිව අවබෝධ කරගන්න ඕනෑම අයකුට හැක.
මෙම කරුණු කාරනා නර්මාණය කල නාට්‍යක කොටස් වන අතර ජනතාවට අද වන විට රටට ස්ථාවර රජයක් නැති අතර විදේශ ආයෝජකයින් රට අත හැර යමින් සිටි. බල අරගල වෙනුවෙන් රටේ ජනයාගේ ජිවිත දේශපාලනයට සම්බන්ධ සැම පාර්ශවයක්ම උකසට ගෙන ඇතිබව කනගාටුවෙන් වුවත් තිරය පසුපස නාඩගම දන්නා කාටත් කිව හැකි.