Breaking News
Home / දේශීය පුවත් / රනිල් එජාප උප නායකකමක් දෙන්න යද්දී කැරලි ගැසූ සජිත්, ෆොන්සේකාට දැන් දෙවියෙක් වෙයි

රනිල් එජාප උප නායකකමක් දෙන්න යද්දී කැරලි ගැසූ සජිත්, ෆොන්සේකාට දැන් දෙවියෙක් වෙයි

යහපාලන ආණ්ඩුව බිහි කිරීමට ප්‍රධාන චරිතයක් වූ එම් කේ ඩි එස් ගුණවර්ධන ඇමතිවරයාගේ හදිසි වියෝව සමග ජාතික ලයිස්තුවේ 2016 ජනවාරි වන විට පුරප්පාඩුවක් ඇතිවූ අතර එම අවස්තාව කොළඹ දිස්ත්‍රික්කයේ මීලගට සිටි සහ දින 100 ආණ්ඩුවේ කාන්තා ඇමතිනි වූ රෝසි සේනානායකට ලබා දෙන මෙන් දැඩි බලපෑමක් එජාප නායක එවකට අගමැති වරයා වූ රනිල් වික්‍රමසිංහට එල්ලවූ අතර එය මැඩ පවත්වාගෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා වූ සරත් ෆොන්සේකාට එම දුරය ලබා දී පාර්ලිමේන්තු ගෙන ආවේ පොලිසිය බාර දීමේ සැලැස්මක් අනුවයි.

පටි සියල්ල ගලවා හිරේ දමා පළිගත් විරුවකුට හිමි නිසි ගෞරව ලබා දී ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දී පසුව කැබිනට් අමාත්‍ය දුරයක්ද ලබා දුන් අතර එජාපයේ උප නායක කමක් ලබා දීමට සුදානම් වද්දී අද ෆොන්සේකා පසුපස වැද වැටීගෙන යන සජිත් හා ඔහුගේ කල්ලිය විසින් කුමන්ත්‍රණයක් දියත් කර දැඩි විරෝධයක් මතු කර එය කඩාකප්පල් කලේ 2019 දී අපේක්ෂක කම ෆොන්සේකාට යාවියයි සැකයක් තිබු නිසයි.

එම දැඩි විරෝධය නිසාවෙන් රනිල් ෆොන්සේකාට නායක කමක් දීම පසුපසට දැමු අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය රෝසිට ලබා නොදීම නිසා පක්ෂයේ කොටසකගෙන් ආ විරෝධය රෝසිට නගාරාධිපති අපේක්ෂකකම ලබා දීමෙන් සමතයට පත් කර සියල්ල සමබර කිරීමට එජාප නායකයාට උපන්ගෙයි හැකියාවක් තිබුණි.

වනජීවී ඇමතිකමේ සිටියදී තෙවරප්පෙරුම සමග ලොකු ආරාවුල් ඇතිකරගත් ෆොන්සේකා මේ වන විට දෙදෙනාම සජිත් ප්‍රේමදාස කරේ තබාගෙන එකම ගමනක යාම හාස්‍ය ජනක සිද්ද්යක්ද වෙයි. තෙවරප්පෙරුම වරක් මාධ්‍ය ඉදිරියේ සතකුට මෙන් බැන වැදුනු අතර ෆොන්සේකාද ඒවාට ප්‍රතිචාර දක්වමින් මහා ගැටුමක් නිර්මාණය කරගත්තේය.

කෙසේ වෙතත් කැබිනට් සංශෝධන සිදුව වන විට කිහිප වරක්ම ෆොන්සේකාට පොලිස් ඇමතිකම ලබා දෙන්නයි ඉල්ලා සිටියදී සිරිසේන එය කිසිවකුට ලබා නොදී තමන් ලග තබාගත්තේය. එහි ප්‍රතිවිපාක මේ වන විටත් රටට අත්විදීමට සිදුව තිබේ.

සිරිසේනට ෆොන්සේකා නම කියන විටත් යකා ආවේශ වන තත්වයට ෆොන්සේකා අප්පිරියා වුනත් එජාප නායකයා කිසිම විටක කිසිවකු සමග වෛරයක් ඇති නොකරගන්නා නිසා ඔහුගේ පතුරු ඇරීමට කිසි විටක කිසිවකු බසුබට නොවේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ අන්තයටම ගොස් ඇති පුද්ගලයකු ලෙස විවේචනය උපේක්ෂා සහගතව බලා සිටීමට තරම් ඉවසීමක් ඇති නිසා බව වරක ජේෂ්ඨ දේශපාලකයෙක් පවසා තිබුනේ සිරිසේන ජනාධිපතිවරයාටයි. එනිසා දිගට හරහට ගසා බිම දාන්නයි සිරිසේනට උපදෙස් ලැබී තිබුණි.

2019 ජනපතිවරණයට අපේක්ෂකයා තේරීමේදී සජිත් සමග ෆොන්සේකා දැඩි වෛරයකින් සිටි අතර ඔහු පැවසුවේ සාපෙලවත් නැති මෝඩයෙක්, පියාගේ භීෂණකාරී යුගය වැනි බොහෝ චෝදනා හා අපහස කරමින් සජිත්ට හරස්වී සිටි අතර රනිල්ගේ උපදෙසක් අනුව ඉදිරි ආණ්ඩුවකදී ආරක්ෂක ඇමතිකම ෆොන්සේකාට ලබා දෙන බව මැතිවරණ ව්‍යාපාරය කරන්නයි සැලැස්මක් දුන් අතර එය ප්‍රකාශ කිරීමත් සමග ෆොන්සේකා සතුටින් පිනා ගොස් පාවී පාවී සිටි අතර ඉන් පසු ඔහුට උප නායකකමක් ලබා දීමට ගිය එජාප නායකයටම එරෙහි වී පැත්ත මාරුකර එදා යටින් ගින්දර ගෙනගොස් එජාප උප නායක කම නැති කල පුද්ගලයා සමගම අද එකතුවී තමාට නැවත ගරුත්වය මෙන්ම මන්ත්‍රීකම් ඇමතිකම් ලබා දුන් පුද්ගලයාටම දෙස් තියමින් සජිත් සමග රට වටේ යමින් සිටි.

වරක තෙවරප්පෙරුම පැවසුවේ ෆොන්සේකා වගේ ගුනමකුවෙක්ව පක්ෂයට ගෙනල්ලා තනතුරු දීලා තියාගෙන ඉන්නේ එජාප නායක රනිල් කවදාවත් මට්ටු නොවන බවයි. ඔහු පැවසුවේ 2010 දී ෆොන්සේකා ජනාධිපති වූවානම් පළමුව එලවා දමන්නේ රනිල් බවයි. 2010 ජනපතිවරණයේ අවසන් රැලි පවත්වන විට අපේක්ෂක කම ලබා දුන් රනිල් ෆොන්සේකාගේ වේදිකාවට එනවාට දැඩි ලෙස විරුද්ද බව ෆොන්සේකා පවසා ඇති අතර පසුව රනිල් අවසන් රැස්වීම් කිහිපයට නොපැමිණ ඔහුගේ කීමට අහුන්කන් දී ඇත.

2015 මහා මැතිවරණය සමයේ ෆොන්සේකා වෙනම තරග කර ඡන්ද 5000 ලබා ගැනීමට නොහැකි වූ අතර එහි ප්‍රචාරණ ව්‍යාපාරයේ මුලිකම ඉලක්කය වුයේ රනිල් සිරිසේන රාජපක්ෂ අනුර යන සියල්ලට වේදිකාවල දිගට හරහට අපහස කරමින් බැන වැදීමයි.

එනිසා ඔහුගේ දේශපාලනයට එතනම අවසානය හිමිවුවත් කන්න දුන් අත හපා කැවක් මෙන්ම තමන්ට වල කැපු සහ එජාපයේ හිටපු ජෙෂ්ටයන් මෙන්ම නායකයන් රාජපක්ෂ ලගට යවා නායකත්ව පරපුර විනාශ කර තමන් නායකයා වීමේ දීර්ග සැලැස්මේ සිහිනයේ කිමිදෙමින් සිටින සජිත් සමග එකට සන්ධාන ගසා නැවත පාර්ලිමේන්තු පැමිණීමට ෆොන්සේකා සිහින දැකීම දෛවෝප ගත වන අතර එජාප චන්ද ලබා ගැනීමට ඔවුන් සැලසුම් කර ඇත්තේ රනිල් කරු ඇතුළු පිරිසට දෙස් තබමින් ජනපතිවරණ පරාජයට සියල්ල කලේ උන් යයි කියමින් එජාප අනුකම්පා චන්ද ලබා ගැනීමේ ළදරු දේශපාලන සැලුම අනුවයි.

About article14

Check Also

සජබෙට ගිය 54 ක් එජාපෙන් දොට්ට දමද්දී 48 ක් නායකයා සමග සාකච්ඡා

පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපූ සමගි ජනබලවේගයෙන් තරඟ කරන අපේක්ෂකයන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!