Breaking News
Home / දේශීය පුවත් / රනිල්ට විරුද්ධ නිදහස් පක්ෂේ බලෙන් ඇමති කමේ ඉන්න දගලන 6 කට එරෙහිව එජාපෙන් ඉවත් කරන්නයි ලියවිල්ලක්

රනිල්ට විරුද්ධ නිදහස් පක්ෂේ බලෙන් ඇමති කමේ ඉන්න දගලන 6 කට එරෙහිව එජාපෙන් ඉවත් කරන්නයි ලියවිල්ලක්

අමාත්‍යවරුන් වන එස්.බී. දිසානායක, ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේම්ජයන්ත, චන්දිම වීරක්කොඩි හා දයාසිරි ජයසේකර යන මහත්වරුන් ආණ්ඩුවෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දැනුම්දී තිබේ.

ඊයේ (04දා) පැවැති විශ්වාසභංග යෝජනා ඡන්ද විමසීමෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කර ඇත.

ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේනය කිරීම, කැබිනට් තීරණ විවේචනය කිරීම ආදී ආණ්ඩු විරෝධී ක්‍රියා හේතුවෙන් ඔවුන්ව මෙලෙස ආණ්ඩුවෙන් ඉවත් කරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.

මාධ්‍ය වාර්තා විසින් මීට පෙර සිටම වාර්තා කල ආකාරයට ආණ්ඩුවේ හිඳිමින් ඇමති සැප ලබා ගනිමින් පිං ඇමති කම් කල පහත ඇමතිවරුන්ගේ නම් පහතින්,

සුසිල් ප්‍රේමජයන්ත් ,අනුර යාපා, එස් බී දිසානායක ,චන්දිම වීරක්කොඩි,ඩබ්ලිව්.ඩි .ජේ සෙනෙවිරත්න ,දයාසිරි ජයසේකර ,තිලංග සුමතිපාල ,ලක්ෂ්මන් යාපා, ටී බී ඒකනායක,ඩිලාන් පෙරේරා,සුදර්ශනී ප්‍රනන්දුපුල්ලේ,අනුරාධ ජයරත්න,සුමේධා ජයසේන,සුසන්ත පුංචිනිලමේ,ලක්ෂ්මන් වසන්ත එම ඇමතිවරුන්ය.

එහි පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද යොමුකර ඇත.ඊට අමතරව කැබිනට් මණ්ඩලයට සහ සියළුම ජනමාධ්‍ය සදහා යවන ලද අත්සන් සහිත ලිපිය පහතින් නරඹන්න.

About lanka

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!