Breaking News
Home / Video / රනිල්ට මහබැංකු හොරා කියා මඩ ගසා ඇත්තේ සිරිසේනගේ කුමන්ත්‍රණයකට බව සිරිසේනගේ උපදේශක කිර්ති තෙන්නකොන්ගේ දුරකථන සංවාධයකින් හෙළිවෙයි

රනිල්ට මහබැංකු හොරා කියා මඩ ගසා ඇත්තේ සිරිසේනගේ කුමන්ත්‍රණයකට බව සිරිසේනගේ උපදේශක කිර්ති තෙන්නකොන්ගේ දුරකථන සංවාධයකින් හෙළිවෙයි

ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුවට අදාල සම්පූර්ණ වාර්තාව තමන් කියවූ බව රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක ප්‍රධානියකු වන රජිත් කීර්ති තෙන්නකෝන් පවසා ඇතැයි වාර්තා වෙයි.

ඒ ජනාධිපති සිරිසේනගේ කාර්‍ය මණ්ඩලයේ හිටපු නිලධාරීයකු වන ඕෂල හේරත් සමග සිදුකළ දුරකථන සංවාදයකදීය.

එම සංවාදය තුල මෙතෙක් අනාවරණය නොකළ බැදුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඇතුලත් කරුනු සම්බන්ධව ද රජිත් කීර්ති කරුණු දක්වන අතර මෙතරම් වාර්තාවක් තිබියදී නීතිපති තවත් බම්බු ගසනවා දැයි අසන්නට සිදුවන බවද කියයි.

ඕෂල හේරත් හිටපු ජනාධිපති කාර්‍ය මණ්ඩල නිලධාරීයා සදහන් කරන්නේ අදාල දුරකථන සංවාදය 2018 ජනවාරි 17 සිදුකළ බවය. මේ දිනය වැදගත් වන්නේ බැදුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව පදනම් කරගෙන සිරිසේන ජනාධිපති ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකලේද මෙදින වන නිසාය.

රනිල් මහබැංකු හොරා ලෙස සැලසුම් සහගත ලෙස මඩ ගැසීම කර ඇත්තේ සිරිසේන විසින් බවත් එය මේ වසරේ ජනවාරි මාසයේ සිට සැලසුම් සහගතව කර ඇති බවත් රාජ්‍ය නොවන සංවිධාන ගණනාවක් අටවාගෙන ඇමරිකන් සල්ලි වලින් යැපෙන නියම දේශ ද්‍රෝහී බලවේගයක් වන කැෆේ සංවිධානයේ කිර්ති තෙන්නකෝන්ගේ දුරකථන සංවාදයකින් හෙළිවී ඇත.

සිරිසේන විසින් රනිල් පාගා එලවා දැමීමට සැලසුම් කර පළමු අවස්තාව මෙය බව සදහන්. එලෙස විශ්වාස බන්ගයෙන් ඔහු ඉවත් කර තාවකාලිකව නිමල් සිරිපාල පත් කර පසුව නැවත මහින්ද පත්කිරීමේ සැලැස්මක් එදා තිබු බව මනුෂ නානයක්කාරද පවසා සිටිනවා. ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය මේ වසර මුල සිටම එන කුමන්ත්‍රණයක් වග ඉතා පැහැදිලියි.

රනිල් වික්‍රමසිංහගේ වරද වී ඇත්තේ අර්ජුනගේ පත් කිරීම පමණයි. ඔහුගේ දිර්ගකාලින මිතුරකු වන මහේන්ද්‍රන් ජාත්‍යන්තර බැංකු ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි අයෙක් ලෙස ඔහු විශ්වාස කර මෙම පත්වීම කිරීමේදී ඔහුගේ බැනට මහින්ද සමයේ නාමල් රාජපක්ෂ සමග ආරම්භ කල බැදුම්කර මිලදී ගැනීමේ ආයතනයක් ඇති බව දැනගෙන සිට ඇත.

රනිල්ට ඇති චෝදනාව වන්නේ එය දැන මහේන්ද්‍රන් පත් කිරීම පමණක් බව කිරිති තෙන්නකෝන් පැහැදිලිව පවසනවා. එයට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි බවත් ඔහු පවසන අතර එම නිසා රනිල්ට මඩ පමණක් ගසමින් සිටින්නේද නඩුවක් නොදමන්නේද මෙම හේතු මතයි.

කිර්ති තෙන්නකෝන් යනු එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්රිදුරයක් ඉල්ලු විට එය නොදුන් නිසා රනිල් සමග දැඩි වෛරයකින් පසුවන්නෙකි. එයට පසුපස සිටින්නේ කිලි මහාරාජා නොහොත් සිරසයි. සිරසේ කෝටාවට නොදුන් දුරයක් වන එය මහේන්ද්‍රන් සමග දැඩි වෛරයෙන් පෙළෙන්නේ කිලිගේ ඥාතියකු වන මහ්න්ද්‍රන් සමග පුද්ගලික අමනාපයක් දශක ගනනක් තිබ්මයි.

අනෙක් කාරණය සිරස රනිල්ට එරෙහි දැඩි මඩ ප්‍රහාර එල්ල කල ආකාරයටම මේ වන විට ඒමග යමින් සිරිසේන රනිල්ට සිගිති කතා කියමින් මඩ ගසමින් රට අරාජික කරමින් සිටි. මේ රට අරාජික කිරීමේ මුලික වගකීම සිරස හා කිලි ගත යුතු අතර සිරිසේන නටන්නේ කිලිගේ හා සිරසේ නැටුමකටයි.

එහි තාල අල්ලන්නන් වන්නේ රනිල්ගෙන් මන්ත්‍රීදුර අපේක්ෂාවෙන් සිට නොලැබුන කිරිති තෙන්නකෝන්, මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක, අසාද් සාලි යන පුද්ගලයින් වේ.

රනිල්ගේ දේශපාලනයේ විවේචන ඇතත් රටක් අරාජික කර බලය හුවමාරු කිරීමට යාමෙන් ජනවාරිමස සිට රට කන්න නැති තැනකට වැටුනහොත් එයට වගකිව යුත්තේ කිලි හා සිරස හා වටේ සිටින නඩයයි. පළමු ගල ගසනවානම් ගැසිය යුතු ස්ථාන හා පුද්ගලයින් ගැන වැටහීමක් ජනතාව තබා ගත යුතුයි.

පහත දැක්වෙන්නේ එම දුරකථන සංවාදයයි.

මේ සම්බන්ධ අප අවධානය යොමුවන කරුනු කිහිපයක් ඇත.

1. ජනාධිපති සිරිසේන විසින් පාර්ලිමේන්තුව වෙත පවා නිකුත් නොකළ කොටස් රජිත් කීර්ති කියවූයේ කෙසේද ?

2. එම කොටස් කීර්ති වෙන දුන්නේ සිරිසේන ජනාධිපති ද නැතිනම් නීතිපති කාර්‍යාලය ද? (මන්ද අප මතකය නිවැරැදි නම් මේ කොටස් රහස් ලියවිලි ලෙස පාර්ලිමේන්තුවට හෝ නිකුත් නොකරන ලෙස උපදෙස් නිකුත් කලේ නීතිපතිවරයා බව ඒ සමයේ සිරිසේන ජනාධිපති පාර්ශවය පැවසීය)

3. ඉහත දුරකථන සංවාදය තුල හිටපු ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ නමද ඇතුලත් ය. ඒ හරහා මේ රහස් ලියවිලි වල ඇතුලත් කරුනු රජිත් කීර්ති වෙත දුන්නේ ජනාධිපති සිරිසේනගේ පාර්ශවය බවට පැහැදිලි සැකයක් මතුවේ.

4. උදේ දවල් රෑ සිරස මාධ්‍ය ජාලය ඇතුලු මාධ්‍ය කිහිපයකට ගොඩවී රජිත් කීර්තිලා මහ බැංකු මංකොල්ලයක් ගැන නංදෙඩවීමටත් විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ එවකට අගමැතිවරයා ට පහර දීමටත් කරුණු දී ඇත්තේ සිරිසේන ජනාධිපතිය. එසේනම් සම්මුති ආණ්ඩුවේ සම්මුතිය කඩන්න පලමු පියවර තබා ඇත්තේ ඔහුය.

5. පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ රහස් යැයි කී ලේඛන රජිත් කීර්ති වෙත දුන්නේ පාර්ලිමේන්තුවට වඩා සිරිසේන ජනාධිපතිට කීර්ති වැදගත් නිසාද? ඒ වැදගත් කම කුමක්ද ?

6. පාර්ලිමේන්තුව වැනි රටේ උත්තරීතර ආයතනයක් නොතකා හැරීමක් සහ සර්ව ජන ජන්ද බලය බල්ලට දමා මෙහිදී සිරිසේන ජනාධිපති කටයුතු කර තිබෙනවා නේද ? නැත්නම් රහස් ලේඛන කීර්තිට දී රනිල් වික්‍රමසිංහගේ චරිතය ඝාතනය කිරීමේ කූට සැලසුමක් මත මෙම කොටස් පාර්ලිමේන්තුවට නිකුත්කර නැතිබව පෙනී යනවා ?

7. රාජ්‍ය රහස් සිය පෞද්ගලික බල අපේක්ෂා වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු වෙත ලබාදීමට සිරිසේන ජනාධිපති කටයුතු කිරීම අනුමත කල හැකිද?

8. 2020 ජනාධිපති අපේක්ෂකයා වීම සදහා සිරිසේන ජනාධිපති දීර්ඝ කාලයක සැලසුමක් ඇතුව කටයුතු කර ඇති බවත් ඔක්තෝබර් 26 දින ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයක් දියත් කර ඇත්තේ එහි තවත් එක් පියවරක් ලෙස බව මේ හමුවේ තහවුරු වෙනවාද ?

9. පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් නොකර රහස් ලේඛන ලෙස සගවාගෙන සිටි සියල්ල රජිත් කීර්ති පමණක් නොව තවත් බොහෝ පාර්ශව කියවන්න ඇති බව මෙහිදී උපකල්පනය කිරීම වැරදි නැත. එබැවින් සිරිසේන ජනාධිපතිගේ දේශපාලන බල ව්‍යාපෘතිය වෙනුවෙන් සගවාගෙන සිටින එම ලියවිලි තවදුරටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම බරපතල දේශපාලන තක්කඩිකමක් නොවේද ?

10. අවසන් වශයෙන් අප මෙසේ අභියෝග කරමු. ජනාධිපති සිරිසේන බැදුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව පුලුවන් නම් එලියට දමා ඔය ඉන්නවා කියන මාර හොරු හෙලිදරව් කරන්න. ඒ තරම් ධෛර්යයක් ඔබට තියනවාද?

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!