Breaking News
Home / දේශීය පුවත් / රනිල්ට බෑ කියලා 99 දී කෝටි ගානක පෝස්ටර් ගැහුවා. මහින්දට ඕන වුනේ පරදින්න හරි ජනපති අපේක්ෂකකම විතරයි – මංගල චන්ද්‍රිකා හා මහින්දගේ ඉතිහාසය කියයි

රනිල්ට බෑ කියලා 99 දී කෝටි ගානක පෝස්ටර් ගැහුවා. මහින්දට ඕන වුනේ පරදින්න හරි ජනපති අපේක්ෂකකම විතරයි – මංගල චන්ද්‍රිකා හා මහින්දගේ ඉතිහාසය කියයි

1999 දී ජනපතිවරණයේදී චන්ද්‍රිකාට ජනපතිවරණය ජය ගැනීම ඉතා අපහසු කාර්යක් බව තමාගේ කණ්ඩායමට තහවුරු වූ පසු එවකට සන්නිවේදන කණ්ඩායම මෙහෙයවූ මංගල සමරවීර මහතා කණ්ඩායමට උපදෙස් දුන්නේ රනිල්ට බැ කියමින් පොස්ටරක් ගහන්න කියා බව අද (4) බැදුම්කර විවාදයේදී පැවසුවා.

ඒ මොහොත වන විට රනිල්ට ජනාධිපති වීමට හොද හැකියාවක් තිබු නිසා මිනිසුන්ගේ මනසේ ඔහුට බැ කියමින් සංකල්පයක් සැදීමට මෙය උපකාරී වූ බව සදහන් කළා. ඔහු බැරි නොහැකි පුද්ගලයකුනම් කෝටි ගණන් වියදම් කර අමුතුවෙන් ඔහුට බැ කියමින් ප්‍රචාරය නොකර පහසුවෙන් චන්ද්‍රිකාට දිනන්නට තිබු බව පවසනවා.

මෙහිදී 2005 ජනපතිවරණයේ මහින්ද මහතාගේ ජනපති අපේක්ෂක කම ලබා ගැනීමේ කෘත්යාදිකාරි රැස්වීමේදී ඔහු සමග ඉතා කිට්ටුවෙන් කටයුතු කල නිසා ඔහු පැවසුවේ “මංගල මට පැරදුනත් කමක් නැ මේ වගේ ප්‍රධාන පක්ෂ දෙකක එකකින් ජනාධිපති අපේක්ෂක කම ගන්න එකත් ලොකු දෙයක්” ලෙස බව සදහන් කළා.

එවිට මංගල “ඒ ඇයි” යනුවෙන් මහින්දගෙන් අසා තිබෙනවා. එවිට මහින්ද පවසා ඇත්තේ ජනාධිපතිවරණයට ලැබෙන මුදල් කන්දරාව පරම්පරාගානකට ඇති පැරදිලා ගෙදර ගියත් යනුවෙන් ඔහු පැවසු බව පැවසුවේ ඉදිරියේ සිටි චමල් රාජපක්ෂ වෙත කනගාටුව ප්‍රකාශ කරමින්.

එවැනි රටේ ප්‍රධාන පක්ෂයක අපේක්ෂක කම ගන්නට බලා සිටින සියලුම දේශපාලකයින් සිටින රටේ තම අවස්තාව දෙවතාවක් කැප කල එකම නායකයා බවත් එවැනි පටු අරමුණු රනිල්ට නොමැති වගත් පැවසුවා.

එසේම මංගල සමරවීර මහතා 88 දී දේශපාලනයට ගෙන අවේ සිරිමාවෝ මැතිනි බවත් ඇයට ඉතා ගරුත්වයක් ඇතත් සත්‍යක් පැවසිය යුතු බව පැවසිය. එනම් 88 දී සියලු වාමාංශික පක්ෂ එකතුවී පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කර ජනාධිපතිවරණයට යා යුතු බව යෝජනා කලත් මැතිනි එය කැප කිරීමට අකමැති වූ බවත් ඇයම ඉදිරිපත්වී පරාජයට පත්වූ බවත් පැවසුවා. එවැනි කැපකිරීම් කිරීමට කිසිදු නායකයකු කැමති නැති බවයි පැවසුවේ.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!