Breaking News
Home / දේශීය පුවත් / රනිල්ගේ 70 වට ආබාදිත දරුවන් හා වැඩිහිටියන් සමග උපන්දින සැමරුමක්

රනිල්ගේ 70 වට ආබාදිත දරුවන් හා වැඩිහිටියන් සමග උපන්දින සැමරුමක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ 70 වන ඡන්ම දිනය නිමිති කරගෙන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සහ වැඩිහිටියන් සදහා කෘතිම පාද ලබාදීමේ වැඩසටහන (24) දින අරලියගහ මන්දිරයේදී පවත්වා ඇත. එහි කේක් කපන ඡයා රුප පිළිබද වැඩියෙන් කතා බහ වුවත් ආබාධිත දරුවන්ට වැඩිහිටියන්ට උපකාර කිරීම හා ඒ අවස්ථාව පිළිබද කිසිදු තොරතුරක් වාර්තා වුයේ නැ.

ජන්ම දිනයට පසු දින හිතවතුන් ආගමික නායකයින් සමග තේ පැන් සංග්‍රහයක්ද පවත්වා ඇත. තවද හම්බන්තොට තෙල් පිරිපහදුව ඇතුළු සංවර්ධන වැඩසටහන් කිපයක්ද පවත්වා තිබෙනවා.

එසේම උතුරු නැගෙනහිර යුධ සමයේ රජයට පවරාගත් ඉඩම් හා සින්නක්කර ඔප්පු නොමැති ඉඩම් සදහා ඔප්පු ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර මඩකලපුවේ සින්නක්කර ඔප්පු ලබා දීමකට සහභාගී වූ අගමැති මෙසේ පවසා තිබෙනවා. මඩකලපුවට පැමිණ ඔබට ඉඩම් ඔප්පු ලබාදීමට හැකිවීම පිළිබඳව මම සතුටට පත් වෙනවා.

මේ ඉඩම් ඔප්පු ලබාදීම අපේ යහපාලන ආණ්ඩුවේ විශාල සංවර්ධන වැඩසටහනේ එක් කොටසක් ලෙස හැදින්විය හැකියි. මේ රටේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීම අපේ ප්‍රධාන අරමුණයි. ඒ වගේම අපේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබාදීමටත් අපට හැකිවී තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සුරැකීමට අපට හැකිවුණා.

අපි ඉඩම් ඔප්පු ලබාදීම දැන් සිදු කරනවා. ඉදිරියේදී අප ගෙන එන නව නීතිය හරහා ඔබ සියලූ දෙනාටම සින්නක්කර ඉඩම් ලබාදීමට අපේ රජයට හැකිවන බව පැවසීය යුතුයි. තමන් වගා කරන ඉඩමේ තමන් ජීවත්වන ඉඩම ආදී ඔබට අයිති සියලූ ඉඩම්වල සින්නක්කර අයිතිය ලබාදීමට අපි කටයුතු කරනවා යයි ඔහු පවසා තිබෙනවා.

තවද ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය එදා පියවර ගත් අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඊට විරුද්ධ වුවත් අද වන විට කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ගැනීමට හැකි වී තිබෙන අතර එය කාන්තාවන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද අගමැති පෙන්වා දී ඇත්තේ අරලියගහ මන්දිරයේ පැවති ධනාභිමානී නම් කාන්තා සම්මේලනය අමතමින්.

About article14

Check Also

සමගි ජන බලවේගයට පැන්න 54 ක් එජාපයෙන් නෙරපයි ප්‍රාදේශීය දේශපාලකයින් රොත්තක්ද දොට්ට

සමගි ජන බලවේගයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සහ ඊට සහය දක්වන එක්සත් ජාතික පක්ෂ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!