Breaking News
Home / දේශීය පුවත් / රනිල්ගේ සංකල්පය නිසා අද ඩිප්ලෝමා ගුරුවරුන් 85000 ක් ගුරු සේවයේ

රනිල්ගේ සංකල්පය නිසා අද ඩිප්ලෝමා ගුරුවරුන් 85000 ක් ගුරු සේවයේ

පාසල් දරුවන් පාසල වෙත ප්‍රවාහනය කරන රියදුරු මහත්වරුන්ට විධිමත් පුහුණුවක් මෙන්ම රියදුරු බලපත්‍රයක් ලබාදී තිබුණත් අවාසනාවකට මෙන් මෙතෙක් මේ රටේ පැවැති ආණ්ඩු දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන පාසල් ගුරුවරුන් සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමට පියවර ගෙන නොතිබූ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට නම් පුහුණු ගුරුවරුන් බිහි කළ යුතු බව පසුගිය 08 වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකදී පැවසීය.

ඒ නිසා සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකගේම අනාගතය හොඳ අධ්‍යාපනයක් හා පුහුණුවක් ලැබූ ගුරුවරුන්හට භාරදීමට පියවර ගත් බව පැවසූ වික්‍රමසිංහ දරු දැරියන්ගේ අනාගතය සකස් කර රටේ අනාගතය සකස් කිරීමේ වගකීම පුහුණු ගුරුවරුන් හට පැවරෙන බව ද පෙන්වා දුන්නේය.

වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පසුගිය 08 වැනිදා දින අරලියගහ මන්දිරයේ පැවති ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී ඩිප්ලෝමාධාරීන් 4,286 දෙනෙකුට පත්වීම් පිරිනැමීම සිදුවිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය. අද දිනයේ ඩිප්ලෝමා ලබාගනිමින් 4,300 ක ගුරුවරුන් පිරිසක් ගුරු සේවයට එක් වෙනවා. ඒ අනුව මෙම පත්වීම් 4300 ක් සමග විද්‍යා පීඨ ඩිප්ලෝමා ලබාගත් ගුරුවරුන් 85,000 ට වැඩි පිරිසක් අධ්‍යාපන ක්ෂේත්‍රයට එක්වී තිබෙනවා.

පත්වීම් ලබාගත් සියලූ දෙනාම ගුරු වෘත්තියට අදාළව වසර දෙකක විධිමත් පුහුණුවක් ලබාගෙන තිබෙනවා. මීට අමතර විශ්වවිද්‍යාල උපාධි ලබාගත් ගුරුවරුන් විශාල පිරිසක් සේවයේ නිරත වෙනවා. ඒ අනුව පුහුණු ගුරුවරුන් අධ්‍යාපන ක්ෂේත්‍රයට එක් කිරීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේ මාගේ බලාපොරොත්තුව වූයේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්පූර්ණයෙන්ම පුහුණු ගුරුවරු ලබාදීමයි. එම වැඩ කටයුත්ත සාර්ථක කරගැනීමට අධ්‍යාපන විද්‍යා පීඨ එදා මා ආරම්භ කළා.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!