Breaking News
Home / දේශීය පුවත් / රනිල්ගේ විශ්වාස බංගේ නිසා ඒකාබද්දෙත් බෙදිල්ලක් වීරවංශගේ වෙබ් අඩවිය බෙදිල්ල ගැන තහවුරු කරයි

රනිල්ගේ විශ්වාස බංගේ නිසා ඒකාබද්දෙත් බෙදිල්ලක් වීරවංශගේ වෙබ් අඩවිය බෙදිල්ල ගැන තහවුරු කරයි

ලබන 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත විශ්වාසභංග යෝජනාව හේතුවෙන් මේවනවිට ඒකාබද්ධ විපක්‍ෂය තුල බරපතල ගැටුමක් හටගෙන ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම විශ්වාසභංගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා දෙන බවටත්, ජනාධිපතිවරයාට හිතවත් එජාප මැති ඇමතිවරුන් 10 දෙනෙකුට වැඩි පිරිසක් යෝජනාවට සහයදීමට එකඟත්වය පළකර ඇති බවටත් අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ කටවචනය විශ්වාස කරමින් ගෙනා ආ විශ්වාසභංග යෝජනාව නිසා පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ලද ජයග්‍රණය යටපත් වී ඇතැයි බැසිල් රාජපක්ෂ මහතාට හිතවත් ඒකාබද්ධ මන්ත්‍රීවරුන් චෝදනා කරති.

එසේ සහයදෙන බව කී එජාපයේ හා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා නොගැනීම බරපතල වරදක් බව ඔවුන් පවසති.

ඒකාබද්ධය තුල රනිල්ට සහයදෙන පිරිසක් ?

මේ අතර විශ්වාසභංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීම සදහා ඒකාබද්ධ විපක්‍ෂය තුල වෙනම මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත්, විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දීමට යද්දී විවිධ හේතු කියමින් එය වලකාලීමට උත්සාහ දැරු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙම මෙහෙයුම පිටුපස සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මන්ත්‍රීවරයා විසින් මෙහෙයවන ‘ලංකා සී නිව්ස්’ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

විශ්වාස භංග යෝජනාවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි අවාසිදායක තත්වයක් නිර්මාණය වී ඇති නිසා එම තත්වය අවුල් කිරීම සදහා මෙම පිරිස උත්සාහ ගනිමින් සිටින බවත් එම වෙබ් වාර්තාවේ සඳහන් වේ.

විශ්වාසභංග යෝජනාවෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ යයි එම මන්ත්‍රී පිරිසෙන් කිහිප දෙනෙකු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටින්නේ එම සැලසුම අනුව බව එහි දැක්වේ.

About lanka

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!