Breaking News
Home / දේශීය පුවත් / රනිල්ගේ විශ්වාසබංගයෙන් පසු මෛත්‍රීට දෝශාභියෝගයක් ඒකාබද්ධේ කුමන්ත්‍රණය ගැන දුමින්ද දිසානායක හිලිකරයි

රනිල්ගේ විශ්වාසබංගයෙන් පසු මෛත්‍රීට දෝශාභියෝගයක් ඒකාබද්ධේ කුමන්ත්‍රණය ගැන දුමින්ද දිසානායක හිලිකරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීමකට ලක්කර ජනාධිපතිවරයා දේශපාලනිකව අස්ථාවර කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේ මුලික අරමුණක් වී ඇතැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු ‘නිව්ස් ටියුබ්’ වෙත පැවසිය.

යම් හෙයකින් මෙම විශ්වාස භංගයෙන් අගමැතිවරයා පරාජයට පත්වුවහොත් ඒ සමගම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට සැලසුම් කර ඇතැයි ද ඔහු කියා සිටියේය.

මේ වන විටත් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ගේ අති බහුතරයක් රාජපක්ෂවරුන් සමග එකඟතාවයකින් ක්‍රියා කරති.

z p04 Dividing

විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර “විරසකයක් ඇති කිරීමේ” සහ “ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ” කුමන්ත්‍රණයක් – ශ්‍රීලනිප මහ ලේකම්

මේ අතර ශ්‍රීලනිප මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසන්නේ, විශ්වාස භංග යෝජනාව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර “විරසකයක් ඇති කිරීමේ” සහ “ජාතික ආණ්ඩුව විනාශ කිරීමේ” කුමන්ත්‍රණයක් බවයි.

‘බීබීසී සිංහල සේවය’ සමග සාකච්ජාවකට එක්වෙමින් ඔහු එබව අවධාරණය කර සිටියේය.

එහෙයින්, ඒකාබද්ධ විපක්ෂය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කිරීමට සැරසෙන විශ්වාස භංග යෝජනාවට තමන් තරයේ විරුද්ධ බවද ඔහු කියා සිටියේය.

එය තමන්ගේ පෞද්ගලික මතය විනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය නොවන බව අවධාරණය කරන ඇමතිවරයා, අදාළ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් කිසිදු තීරණයකට එළැඹ නැති බවත් පැවසිය.

Newstube

About article14

Check Also

ජනාධිපති සිරිසේන රෝ සංවිධාන කුමන්ත්‍රණ කතාව මත පලුදුවුණු මෝදී – ලංකා මිත්‍රත්වයට නැවත පන පොවන්න මෝදී හමුවුන රනිල්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (20) එරට අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!