Breaking News
Home / දේශීය පුවත් / රනිල්ගේ උතුර දකුණ එක් කරන අලුත් අවුරුදු පණිවිඩය සමග කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ගේ දියුණුව වෙනුවෙන් ණය පොලි අනුපාත පහත දමයි

රනිල්ගේ උතුර දකුණ එක් කරන අලුත් අවුරුදු පණිවිඩය සමග කුඩා හා මාධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්ගේ දියුණුව වෙනුවෙන් ණය පොලි අනුපාත පහත දමයි

බැංකුවල ණය පොලී ගාස්තු අඩුකිරීමටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්වලට තවදුරටත් සහන ලබාදීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ (10) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා තිබෙනවා.

ණය පොලිය ඉහළ තත්වයක පැවතීම ව්‍යාපාර දියුණුකර ගැනීමට නොහැකි වන නිසා ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර මෙම තීරණයට එළඹි බව පැවසු අගමැතිවරයා මේ පියවර හරහා ව්‍යාපාරිකයින්ගේ ණය බර අඩුවී ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකිවනු ඇති බව පෙන්වා දී ඇත. වැඩි දුරටත් ඔහු මෙසේ පවසා ඇත.

මේ වැඩසටහන හරහා ව්‍යාපාරිකයන්ගේ ණය බර අඩුවී ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ණය පොලිය වැඩි වන විට ව්‍යාපාර දියුණු කර ගැනීමට අපහසුයි. පසුගිය වසරේ පොලිය අඩු කිරීමට අප තීරණය කර තිබුණත් දින 52 අර්බූදය නිසා එය ඉටු කිරීමට නොහැකි වුණා.

එයින් රටට සිදුවූ පාඩුව ඩොලර් මිලියන 1000ක්. මෙම පාඩුව නිසා ගිය වසරේ මෙම සහනය ලබා දීමට නොහැකි වුණත් මෙම වසරේ දී එය ලබා දෙනවා යනුවෙන් පවසා ඇත.

එසේම අලුත් අවුරුදු පණිවිඩය අගමැතිවරයා ප්‍රකාශයට පත් කර ඇති අතර සිංහල දමිළ අලූත් අවුරුද්ද ජාති ආගම් භේදයකින් තොරව ලක්වැසි සැමට තම ජීවිත අලූත් කරගැනීමටත් ඒ හරහා සමාජය නව මං ගැන්වීමටත් ලැබෙන කදිම අවස්ථාවක් බව එම පණිවිඩයේ සදහන්.

උතුරු දකුණු භේදයකින් තොරව ලාංකේය සමාජයේ සැම එක්ව සමරන අලූත් අවුරුද්ද අප ජීවිතවල මෙන්ම මුළු මහත් සමාජයේම නවෝදය උදෙසා වන ජාතික සංස්කෘතික මංගල්‍යයක් බවත් අවුරුදු සිරිත් විරිත් එහි නිසි අරුත් පහදවාගෙන මනුෂ්‍යත්වය උත්කර්ෂවත් කිරීමේ සහ ජීවිතයේ සැබෑ සතුට අත්විඳීමේ අභිලාෂයෙන් අනුගමනය කිරීම ඉතාම වැදගත් යනුවෙන් සදහන් කරමින් ලක්වැසි සැමට සාමය සතුට සහ සෞභාග්‍යය උදාවන සුබ අලූත් අවුරුද්දක් වේවායි රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා අගමැතිවරයාගේ අවුරුදු සුභ පැතුම් පණිවිඩයේ සදහන්.

About article14

Check Also

නායක සිහින දකින රවී යන යකා කොරහත් බිදගෙන යන ගැටුමට එජාප නායක රනිල් මැදිහත්වේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!