Breaking News
Home / දේශීය පුවත් / රන්ජන්ට දිවුලපිටිය අහිමිවෙද්දි හේමකුමාර නානයක්කාරගේ පුත් තාරක නානායක්කාරට සංවිධායක ධූරයක්

රන්ජන්ට දිවුලපිටිය අහිමිවෙද්දි හේමකුමාර නානයක්කාරගේ පුත් තාරක නානායක්කාරට සංවිධායක ධූරයක්

එක්සත් ජාතික පක්ෂයේ හබරාදූව ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට නීතිඥ තාරක නානායක්කාර පත් කර තිබෙනවා. ඔහු එජාප හිටපු ඇමති සහ දකුණ ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරගේ පුත්‍රයා වන අතර වාසුදේව නානායක්කාරද එකම පවුලේ සාමාජිකයන් වේ.

එක්සත් ජාතික පක්ෂයේ නිල තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණ ,ප්‍රධාන ලේකම් ධූරය හොබවන තාරක නානායක්කාර ,කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරී යකු ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති වේදී උපාධිධාරියකු වන අතර ,වෘත්තීයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙකු ලෙස ⁣කටයුතු කරයි.
එමෙන්ම ඔහු ස්ටැෆර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයේ කළමණාකරනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකුද වේ.

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පහුගිය මැතිවරණ සියල්ලෙහි ජාතික යොවුන් පෙරමුණ තාරුණ්‍යයට නායකත්වය දෙමින්, රුවන් විජේවර්ධන මැතිතුමන් සහ දොස්තර කවින්ද ජයවර්ධන සභාපතිත්වය යටතේ ජාතික යොවුන් පෙරමුණේ ප්‍රධාන ලේකම් වරයා ලෙස පැවති තීරණාත්මක ජනාධිපතිවරණයේදී සහ මහ මැතවරණයේදී ඉතා කැපවීමෙන් යුතුව ජාතික යොවුන් පෙරමුණ මෙහෙයවෙමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ යහපාලන රජය ගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

එසේම රත්නපුර මහ ඇමති සටනේ සිට පසුගිය පාර්ලිමේන්තු මැතිවරනයට ඉදිරිපත්වූ දිවුලපිටිය ආසනයෙන් රන්ජන් ඉවත් කර නැවත හිටපු සංවිධායකටම ආසනය බාර දී තිබෙන අතර රන්ජන්ට වෙනත් ආසනයක් ලබා දී ඇති බවක් දැනට වාර්ථා වන්නේ නෑ.

 

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!