Breaking News
Home / දේශීය පුවත් / රත්මලානේ උදැසනම වෙඩි තැබීමක් කොටහේනේ රාත්‍රියේ වෙඩි තැබීමක් අපරාධ රැල්ලේ නිමක් නැ. මෙය සාමාන්‍ය ජනතාවගේ නිදහසට බාදාවක් නොවේද?

රත්මලානේ උදැසනම වෙඩි තැබීමක් කොටහේනේ රාත්‍රියේ වෙඩි තැබීමක් අපරාධ රැල්ලේ නිමක් නැ. මෙය සාමාන්‍ය ජනතාවගේ නිදහසට බාදාවක් නොවේද?

රත්මලාන – චක්කින්දාරාම ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් යුද හමුදා කෝප්‍රල්වරයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අද (25) පෙරවරු 7.20 ට පමණ යුද හමුදා ලුතිනන් කර්නල්වරයෙකුගේ නිවස ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

යතුරුපැදියකින් සහ ත්‍රිරෝද රථයකින් පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර ඊයේ (24) රාත්‍රියේ කොටහේන – ජම්පටා වීථිය ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

ජම්පටා වීථිය, 137 වත්ත ප්‍රදේශයේදී එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මොහු වෙළඳසැල් හිමිකරුවෙකු වන අතර, පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට සැක කරන බවයි ජම්පටා වීථියේ පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ..

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ප්‍රකාශකයෙකු සඳහන් කළා.

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!