Breaking News
Home / Video / රට වෙනුවෙන් පදක්කම් සියගනනක් දිනූ පාපැදි ශූරිය රිලාසිරි හා බලධාරීන්ගේ රැවටිලි නිසා අද බෑග් මහනවා

රට වෙනුවෙන් පදක්කම් සියගනනක් දිනූ පාපැදි ශූරිය රිලාසිරි හා බලධාරීන්ගේ රැවටිලි නිසා අද බෑග් මහනවා

මේ ගැන කියන්න නම් අපට දෙයක් නැත. ඒ කියනවනම් මේ රටේ අමනයන් ගැන පොත් පිරෙනකම් ලියන්නට දේවල් තිබෙන නිසාවෙන්. සුසන්තිකාගේ සිට රට වෙනුවෙන් ක්‍රීඩා කල හැම ක්‍රීඩක ක්‍රීඩිකාවම අවසානයේ හිඟා කන තත්වයට වැටෙයි.

ක්‍රිකට් ක්‍රීඩකයන්ට මිලියන ගනන් ලැබෙන නිසා උන් බේරෙයි. එහෙත් රටේ අනෙක් ක්‍රීඩාවන් කරන උන් හිඟා කයි. මොනා හෝ පචයක් කියා මිනිස්සු රවටා හොරා කා පාර්ලිමේන්තු යන තක්කඩින්ට වසර 5 පිරෙන තැන හොඳ පැන්ෂන් එකක් ලැබෙයි. උන් රට වෙනුවෙන් ඇටයක්වත් දී නැතත් අපේ මුදල් වලින් උන් කා බී සැප විදී.

ක්‍රීඩකයන්ට විශ්‍රාම වැටුපක් නැත. එහෙම එකක් හදන්න මේ කපේදී මුන් ක්‍රීයා කරන්නෙත් නැත. මේ පාපැදි ශූරියක් වන යූඩී ශ්‍රියාලතා ඉල්ලන්නේ විශ්‍රාම වැටුපක් නොවේ. රැකියාවකි. ක්‍රීඩා නිලධාරි වැනි කුඩා රැකියාවකි. එයට දේශපාලනය හරස් වී එයද ඇයට නැති කර ඇත. මේ රටේ සියළු දේ මාධ්‍යන් හෙලිකරන තෙක් සිටිනවා නම් රජයේ පඩි ගන්න අමනයින්ට පවුල් පිටින් සහනොගහන්නේ ඇයිද? රටේ මිනිසුන් දුක් විද දෙන බදු මුදලින් පිනට කන මූසලයින්ට යහතින් සිටිය හැකි නම් මේ රට සොබාදහමටත් පටහැනි රටකි. මේ අමන කාලකන්නින්ට මොකාගෙන් නැත්තත් දිනක සොබාදහමෙන් ජනතා මුදල් පිනට කෑ පවට දඬුවම් ලැබෙනු නිසකැයි.

සම්පූරණ වාර්ථාව හිරු ටීවී පුවත් වීඩියෝවෙන්.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!