Breaking News
Home / ක්‍රිඩා / රට වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩා කරන්න IPL කෝටි ගානක් අත හැරපු කැන්ගරුවන්ගේ ප්‍රභලයා මිචෙල් මාශ්

රට වෙනුවෙන් ටෙස්ට් ක්‍රීඩා කරන්න IPL කෝටි ගානක් අත හැරපු කැන්ගරුවන්ගේ ප්‍රභලයා මිචෙල් මාශ්

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩක මිචෙල් මාෂ් මෙවර අයි.පී.එල් තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමට පූර්ණ වශයෙන් සිය දායකත්වය ලබා දීම සඳහා ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසරේ දී රයිසින් පූනේ සුපර්ජියින් කණ්ඩායම වෙනුවෙන් මිචෙල් මාෂ් අයි.පී.එල් තරඟාවලිය නියෝජනය කළා.

මිචෙල් මාෂ් පසුගිය අයි.පී.එල් තරඟාවලිය තුලදී පන්දුවෙන් වැඩි දස්කම් දැක්වීමට සමත් වුණා.

මිචෙල් මාෂ් 2016 වසරේ අයි.පී.එල් වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 4යි දශම 8ක මුදලකට අලෙවි වුණා.

මුදලට වඩා රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම සදහා මෙම තීරණය ගත් බවයි මිචෙල් මාෂ් වැඩිදුරටත් ප්‍රකාශකර ඇත්තේ.

මිචෙල් මාෂ්ට අමතරව ස්ටීවන් ස්මිත්, ඇඩම් සම්පා, ජෝජ් බේලී, ඩැනියල් ක්‍රිස්ටියන් යන ක්‍රීඩකයින් පසුගිය වසරේදී රයිසින් පූනේ කණ්ඩායම නියෝජනය කරමින් අයි.පී.එල් තරඟාවලියට එක් වුණා.

 

About article14_2

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!