Breaking News
Home / දේශීය පුවත් / රට අස්ථාවරයි. ඒත් සිරිසේන අවුරුදු කන්න රට යයි. රනිල් පිට යයි. ඇමතියොත් රට යයි. කැබිනට් වෙනස කල් යයි

රට අස්ථාවරයි. ඒත් සිරිසේන අවුරුදු කන්න රට යයි. රනිල් පිට යයි. ඇමතියොත් රට යයි. කැබිනට් වෙනස කල් යයි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දුන්නේය.

ඊයේ (11) රාත්‍රී පැවැති සාකච්ඡාවකින් පසු තමන්ට ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා අවසර දුන් බවත්, ඒ අනුව විශ්වාස භංගයට පක්ෂව ඡන්දය භාවිත කළ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් 16 දෙනා සිය ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන් බවත් ලක්ෂ්මන් අබේවර්ධන මහතා කීවේය.

ඉල්ලා අස්වූ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් ජනාධිපතිවරයාට සහාය දක්වන බව ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඉල්ලා අස්වූ කැබිනට් ඇමැතිවරුන් – සුසිල් ප්‍රේමජයන්ත්, දයාසිරි ජයසේකර, අනුර ප්‍රියදර්ශන යාපා, ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න, චන්දිම වීරක්කොඩි, එස්.බී දිසානායක

ඉල්ලා අස්වූ රාජ්‍ය ඇමැතිවරුන් – ලක්ෂ්මන් යාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචිනිලමේ, ටීබී ඒකානායක

ඉල්ලා අස්වූ නියෝජ්‍ය – සුමේධා ජී ජයසේන, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් වසන්ත පෙරේරා

නියෝජ්‍ය කතානායක – තිලංග සුමතිපාල

මේ අතර ආණ්ඩුවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද (12දා) උදෑසන සිදු නොවුණොත් අලුත් අවුරුද්දට ප්‍රථම අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට අවස්ථාවක් නොමැති බව වාර්තාවේ.

අවුරුදු නිවාඩුව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12දා)කොළඹින් බැහැර යෑමට නියමිත අතර, අලුත් අවුරුද්දෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස්ගතවීමට නියමිතය.

එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේද බොහෝ අමාත්‍යවරුන් මේ වනවිට විදෙස්ගතව ඇති අතර, ඊයේ(11දා) රාත්‍රිය වනතුරුද ඔවුන් දිවයිනට පැමිණ නොතිබිණි.

ජනාධිපති ලේකම්වරයා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා එක්ව අමාත්‍යාංශ විෂය බෙදීම් මේ වන විට සකස්කර ඇති බව වාර්තා වන අතර, එසේ වුවද නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අවුරුද්දෙන් පසුව සිදුවීමට බොහෝ දුරට ඉඩ ඇත.

About lanka

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!