Breaking News
Home / දේශීය පුවත් / රටේ මිනිස්සුන්ට බදු ගෙවන්න කියලා ඒ බදුවලින් දෙන නිදහස් සෞඛ්‍යට ගේන වකුගඩු බෙහෙත් විනාශ කරන හැටි

රටේ මිනිස්සුන්ට බදු ගෙවන්න කියලා ඒ බදුවලින් දෙන නිදහස් සෞඛ්‍යට ගේන වකුගඩු බෙහෙත් විනාශ කරන හැටි

කුරුණෑගල  මහා  රෝහලේ ප්‍රතිකාර ලබන වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු පෙරනය සදහා භවිතා කරනු ලබන රසායනික දියර වර්ග ඇසුරුම් තොග විශාල ප්‍රමාණයක් නියමිත ප්‍රමිතිගත තත්වයෙන් ගබඩා කර නැති බව වාර්තා වේ.

රෝහලේ පිහිටි රුධිර කාන්දු පෙරන ඒකකය ඉදිරිපිට කොරිඩෝවේ මේ රසායනික දියර තොග ගබඩා කර තිබේ. බයි කාබනේට් හා සිට්රේට්  අඩංගු මෙම රසායනික දියර වර්ග වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු පෙරන ක්‍රියාවලියේදී අන්තර් ශිරා ඔස්සේ රෝගීන්ගේ ශරීරයට ඇතුලත් කරනු ලබන බව ක්ෂේත්‍රයේ නියුතුවූවන් කියා සිටිති.

මේ දියරයන් අධික උෂ්ණත්වයහා හිරු එලිය ඇති ස්ථානවල ගබඩා නොකළ යුතුයි යන්න ඇසුරුම්වල අදාළ නිෂ්පාදන සමාගම් විසින්  දක්වා තිබේ. මේ දිනවල කුරුණෑගල ප්‍රදේශයේ පවතින්නේ උණුසුම් කාලගුණික තත්වයකි.

මේ පිලිබදව කුරුණෑගල මහා රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂක ප්‍රභාත් වේරවත්ත මහතාගෙන් විමසීමේදී කියා සිටියේ රුධිර කාන්දු පෙර ඒකකය සදහා අලුතින් ගබඩාවක් මේ දිනවල ඉදිවෙමින් පවතින් බවත්, එම ඖෂධ තොග ගබඩා කිරීමට රෝහලේ වෙනත් ස්ථානයක් නොමැතිවීම නිසා මෙසේ ගබඩා කිරීමට සිදුව ඇති බවය,

ඖෂධ ගබඩා කලයුතු නිශ්චිත ක්‍රමවේදයන් කඩකර තිබීම සම්බන්ධයෙන් කළ විමසිමකදි රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමා එම තත්වය පිළිගන්නා බවත් රෝහලට ලැබෙන  විශාල  ඖෂධ තොග ගබඩා කිරීමේ ඉඩකඩ නොමැතිවීම බරපතල ගැටළුවක් බවත්ය.

එමෙන්ම දුම්රියෙන් කුරුණෑගලට රැගෙනවිත් ඇති සේලයින් තොගයක් නිදහස් කරගත නොහැකිව දුම්රිය වැගන් එක තුළ තිබෙන බවද අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

About lanka

Check Also

ඒබීඩී විලියර්ස්ගේ ෆේස්බුක් ෆෑන් පේජ් එක ලංකාවෙ ප්‍රේක්ෂකයන් වනසයි ඔෆ් සීසන් කතාවට පරාජයත් එක්ක සිංහලෙන් ඉංග්‍රීසියෙන් රිදෙන්න කියපු හැටි

කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනා ගත්ත ක්‍රීඩකයෙක් තමයි දකුණු අප්‍රිකාවේ AB de Villiers. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!