Breaking News
Home / දේශීය පුවත් / රටේ පවතින කලබලකාරි තත්වය යටතේ නීතිය හා සාමය අමාත්‍යංශය ෆොන්සේකාට දීමට තීරණය වෙයි

රටේ පවතින කලබලකාරි තත්වය යටතේ නීතිය හා සාමය අමාත්‍යංශය ෆොන්සේකාට දීමට තීරණය වෙයි

දෑනට තාවකාලිකව අගමැති යටතේ පවතින නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත.

එම අමාත්‍යාංශය ෆොන්සේකා මහතාට ලබාදෙන ලෙස නිල යෝජනාව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑවීමටද එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇතැයි එම පක්‍ෂ ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් ෆොන්සේකා මහතාට මේ ඇමැතිධුරය පිරිනමන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජපාන සංචාරයෙන් පසුව බව පැවසේ. ජනාධිපතිවරයා ලබන 12 වැනිදා ජපානයේ තෙදින නිල සංචාරයක්‌ සඳහා පිටත්ව යයි.

දිවයින කළ විමසීමකදී ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රබල ඇමැතිවරයකු කියා සිටියේ සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ ඇමැතිධුරය අනිවාර්යයෙන්ම හිමිවනු ඇති බවයි.

අකිත පෙරේරා- දිවයින

About lanka

Check Also

දයාසිරි ශ්‍රීලංකා නිදහස් පක්ශයේ නායක කම ගන්න කුරුණෑගල තනි මනාප ගන්න කුමන්ත්‍රණයක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලංකා නිදහස් පක්ශ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ගේ හදිසි රැස්වීමක් අද දින දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!