Breaking News
Home / ක්‍රිඩා / රටේ ක්‍රීඩා බාර උන් සැපට නිදි අතරේ හඟුරන්කෙත පිටිසර කුඩා පාසලක දරුවන් ස්ටිකර් විකුණා තායිලන්තේ ගොස් යොවුන් ලෝක ශුරයන් වෙන්න යයි

රටේ ක්‍රීඩා බාර උන් සැපට නිදි අතරේ හඟුරන්කෙත පිටිසර කුඩා පාසලක දරුවන් ස්ටිකර් විකුණා තායිලන්තේ ගොස් යොවුන් ලෝක ශුරයන් වෙන්න යයි

ලොව ඕනෑම ක්‍රීඩාවකින් ජය ලැබිය හැකි දක්ෂයන් ශ්‍රී ලංකාව සතුය. නමුත් බොහෝ ශ්‍රී ලාංකික දක්ෂයන්ට සිය දක්ෂතා පෙන්වා ලොව දිනීමට ඇති ප්‍රධාන බාධකය ලොව වෙනත් රටවල ක්‍රිඩකයන්ට ලැබෙනා අනුග්‍රහය සහ පහසුකම් ඔවුන්ට හිමි නොවීමයි.

අන්තර්ජාතික තරගාවලියක් නියෝජනය කිරීමට විදෙස් ගත වීමට ස්ටිකර් විකුණා මුදල් සෙවූ හඟුරන්කෙත පල්ලේබෝවල පාසලේ බොක්ෂිං ක්‍රීඩිකාවක් පිළිබදව නෙත් ගොසිප් අප රටට කීවේය.

ශ්‍රී ලංකාවේ දක්ෂතම පාසල් බොක්ෂිං ක්‍රීඩිකාව වූ මදුමාලි එරංගා ඒ වනවිටත් කිසිදු අනුග්‍රහයක් ලැබී තිබුනෙ නැත. එම දක්ෂ බොක්ෂිං ක්‍රීඩිකාව බිහි කළ පාසලෙන්ම ශ්‍රී ලංකාවේ දක්ෂතම මුවාතායි ක්‍රීඩකයන් බිහි කර තිබේ.

මේ දිනවල තායිලන්තයේ පැවැත්වෙන අන්තර්ජාතික යොවුන් මුවාතායි ශූරතාවලියේ ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රීඩකයන් බහුතරය කොළඹ සුපිරි පාසල් වල ක්‍රීඩකයන් නොවේ. පල්ලේබෝවල මහා විද්‍යාලයේ දරුවන් ය. ඒ පසුපස ඇති රහස මෙම දරුවන්ගේ පුහුණුකරුවා වන පාසලේ ක්‍රීඩා ගුරු ජමිත ගයාන් ය.

දුප්පත් පාසලක දරුවන්ට ක්‍රීඩාව උගන්වා ඔවුන් ශ්‍රී ලංකාවේම දක්ෂයන් කිරීම පහසු නොවේ. බොක්ෂිං ක්‍රීඩාවේ පාසල් ජාතික ශූරීයක් පල්ලේබෝවල පාසලෙන් බිහිකළ ජමිත, ඉන් නොනැවති මුවාතායි ජාතික ශූරයන් පල්ලේබෝවල පාසලෙන්ම බිහි කිරීම විශිෂ්ඨය.

තායිලන්තයේ පැවැත්වෙන අන්තර්ජාතික මුවාතායි යොවුන් ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩකයන් 9කි. ඉන් 6 දෙනෙක්ම දුෂ්කර පල්ලේබෝවල විද්‍යාලයේ දරුවන් ය.

මෙම තරගාවලියේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වැදුනු පල්ලේබෝවල විද්‍යාලයේ එච්.ජී.කේ.කේ ගුණවර්ධන ක්‍රීඩකයා එක්සත් අරාබි ඒමීර් ක්‍රීඩකයා පරාජය කරමින් සිය ඉසව්වෙන් ලෝකයෙන්ම තෙවෙනි ස්ථානය දිනාගෙන සිටියි. ඔහුගේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට මීළග තරගය යෙදි තිබෙන්නේ මැලේසියාව සමගයි. එම තරගය ජය ගතහොත් ඔහුට සිය ඉසව්වේ ලෝක ශූරයා බවට පත් වීමටද අවස්තාවක් හිමිවේ.

About article14

Check Also

වයස 80 රාජ්‍ය භාෂා ඇමති පපයා ඇමති වෙලා සතියයි අධිකරණ ඇතුලේ ගහගන්න යයි. ඔන්න මුන්ට පැය ගානකට බලය ලැබුනත් හැසිරෙන විදිය.

කවුද යකෝ මේ අධිකරණෙ මට හු කියන්න ඉන්න එකා – වාසු මුත්තා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!