Breaking News
Home / දේශීය පුවත් / රටේ උන්ට වැටෙන්න බදු ගසා තව අමතර මිලියන 27000 ක් ඉල්ලා ඇස්තමේන්තුවක් ලංකාවේ ආපදා වුන උන් කුඩාරම්වල සිටියදී නේපලේ භූමිකම්පාවට ආධාර මිලියන 105 කුත්

රටේ උන්ට වැටෙන්න බදු ගසා තව අමතර මිලියන 27000 ක් ඉල්ලා ඇස්තමේන්තුවක් ලංකාවේ ආපදා වුන උන් කුඩාරම්වල සිටියදී නේපලේ භූමිකම්පාවට ආධාර මිලියන 105 කුත්

ආණ්ඩුව අද (07) තවත් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ, රුපියල් මිලියන 27,176ක අතිරේක ප‍්‍රතිපාදන ඉල්ලා සිටිමින්. උතුර සහ නැගෙනහිර යන පළාත්වල යුද හමුදා කඳවුරු වෙනත් ස්ථානවලට ගෙනයාම සඳහා වෙන් කෙරුණු රුපියල් මිලියන 100ක් ඊට ඇතුළත් වනවා.

මුස්ලිම් දේවස්ථාන හරහා මුස්ලිම් ප‍්‍රජාවට රට ඉඳී සැපයීමට අදාළ හිග නිරවුල් කිරීම වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 121ක්. හම්බන්තොට වරාය සඳහා වන සහන ගිවිසුමේ පෙර කොන්දේසි සම්පූර්ණ කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 853ක් වෙන් කර තිබෙනවා.

කොළම පිටත වටරවුම් මාර්ගයේ 03 වන අදියර සඳහා අතිරේක වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 30ක් සහ එහි හිග බිල්පත් වෙනුවෙන් රුපියල් මිලියක 860ක් ද මෙම පරිපූරක ඇස්තමේන්තුවට ඇතුළත්.

නේපාලයේ සිදු වූ භූමි කම්පාවකින් හානි වූ පූජනීය ස්ථාන නවීකරණයට රුපියල් මිලියන 105ක්ද ගම්පෙරළිය වැඩසටහනට අදාළ වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 20ක් ද ඊට ඇතුළත් වනවා.

තමන්ට හැකි පමණින් තමන් ජිවත් විය යුතුයි නැතිනම් ලෝකෙට නය වී වස බොන්නයි වෙන්නේ යන කතාව සාමාන්‍ය සමාජයේ කතාවකි. එසේ තිබියදී ලෝකේ වටෙන් නයට ගෙන එම නය කන්ද මාර්කට් කරමින් ඉන්න වර්තමාන වැඩ බැරි පාලකයා වරින් වර ආපධාවට ලක්වූ ජනතාව තවමත් කුඩාරම් වල සිටියදී නේපාලයට මිලියන 105 ක් ආධාර කිරීමට යයි.

මීතොටමුල්ල කුනුකන්ද සාලාව පිපිරුම නායයාම් ගංවතුර හානි වූ ජනතාවට තවමත් හරි හැටි වන්දි විසදුම් ලබා දී නැති රටක පාලකයා ලෝකෙට පරකාසෙට ජනතාවට බදු පිට බදු ගසා එකතු කරගන්නා මුදල් හා ලෝකේ වටෙන් ගත නය වලින් ආධාර කිරීම යනු වෙනත් අයකු ඇරබු කොම්පැනියක තාවකාලිකව අයෙක් සාමාන්‍ය අධිකාරි කල විට කොම්පැනිය බංකලොත් කර හෝ ඉන්න ටිකේ සැප ගත යුතුයි යන ආකල්පයෙන් හා සමාන දෙයකි මේ.

මේ රටේ අද බුද්ධිමත් කළමනාකරණ තීරණ ගත හැකි කිසදු පාලකයෙක් හා වටා සිටින හෙන්ච්චෙක් නිලධාරික් නැත

About article14

Check Also

ඇමතිවරු පත් කිරීමට සිරිසේනගෙන් නැවත ප්‍රශ්න ගොඩක්. පොලිසිය හා මාධ්‍ය තබා ගන්න වලිකයි. කැබිනට් එක සති අන්තයට යයි. මඩ කැබිනට එකක් සිරිසේනගෙන්

කැබිනට් මණ්ඩලය පත් කිරීම මේ සතියේ අවසානය දක්වා යා හැකි බව තොරතුරු වාර්තා වෙනවා. ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!