Breaking News
Home / දේශීය පුවත් / රටේ ආරක්ෂාවේ ප්‍රශ්නයක් තියනවා.එජාපයත් මේ තත්වය තේරුම් ගන්න ඕන – ෆොන්සේකා

රටේ ආරක්ෂාවේ ප්‍රශ්නයක් තියනවා.එජාපයත් මේ තත්වය තේරුම් ගන්න ඕන – ෆොන්සේකා

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කලේ රටේ මේ වන විට උද්ගතවී ඇති ප්‍රශ්නය හරියාකාරව තේරුම් ගත් නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරනවා.

ආරක්ෂාවේ ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගත් හෙයින් ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආ බව කී ඔහු “එයාලා හිතන විදියට ඒ පැත්තේ සිටින වඩාත්ම සුදුසු කෙනා ගෝඨාභය” යැයි ද සඳහන් කර සිටියා.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තේරුම් ගත්තු නිසා ගෝඨාභයට ඒ පැත්තෙන් ලොකු ඉල්ලුමක් ආවා. මේ ප්‍රශ්නය විසඳීමට හොඳම මිනිහා ගෝඨාභය කියලා ඒ අය හිතනවා ඇති. ගෝඨාභයගේ හැකියාවන් නොහැකියාවන් ගැන මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒගොල්ලොන්ට ඉන්න හොඳම කෙනා හැටියට ගෝඨාභය ඉදිරිපත් කරලා තියෙනවා.

එයාලා එහෙම කළේ රටේ ප්‍රශ්නය හරියට තේරුම් ගත්තු නිසයි. ආණ්ඩුව, එක්සත් ජාතික පක්ෂය ඔය තත්වය තේරුම් නොගෙන කටයුතු කළහොත් ජනතා ආශීර්වාදය ගැනීමට නොහැකි වේවි.

ජනතාව අද වෙනකොට ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ රටේ ආරක්ෂාවටයි. දුරදිග බලන කෙනෙකුට ඒක තේරෙන්න ඕන.අද රට මේ තත්වයට පත්වෙලා තියෙන්නේ ඒවා. තේරුම් නොගෙන වැඩ වැඩ කිරීම නිසයි. දැන්වත් ඒක තේරුම් නොගත්තොත් ජනතාව ඊට නිසි ප්‍රතිචාර දක්වාවි.

එයාල හිතන විදිහට ඒ පැත්තේ ඉන්න වඩාත්ම සුදුසුම කෙනා එයා. නමුත් යුද්ධය ගැන කතා කරනකොට නම් අප දරණ ස්ථාවරය වෙනස්. කොහොම නමුත් එයාල රට ගැන හිතලා රටේ තත්වය තේරුම් අරගෙන ගත්තු තීරණයක්. ඒ නිසානේ එහෙම තීරණයක් ගත්තේ. ආණ්ඩුවටත් එහෙම හිතන්න දැන්වත් මොළේ පෑදෙන්නේ නැතිනම් ජනතාව ඔවුනට හරියි කියලා හිතෙන තීරණ ගනිවී..”

ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වැඩි දුරටත් ලංකා දීප පුවත්පතට සඳහන් කර තිබෙනවා. – සුජිත් හේවාජුලිගේ.ලංකාදීප

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!