Breaking News
Home / දේශීය පුවත් / රටේ අධිකරණ පද්ධතිය ගැන ආන්දෝලනාත්මක හෙලිකිරීමක් කල නීතිවේදී සුගන්ධිකා ප්‍රනාන්දු අධිකරණය හමුවේ වරද පිළිගනියි

රටේ අධිකරණ පද්ධතිය ගැන ආන්දෝලනාත්මක හෙලිකිරීමක් කල නීතිවේදී සුගන්ධිකා ප්‍රනාන්දු අධිකරණය හමුවේ වරද පිළිගනියි

අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීමේ වරදක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ නීතිවේදී සුගන්ධිකා ප්‍රනාන්දු අධිකරණය ඉදිරියේ වරද පිළිගත්තා.

ඒ අදාළ නඩුව අද (01) කොළඹ රථවාහන අධිකරණයේ විභාග කළ අවස්ථාවේදීයි.

එහිදී අධික වේගයෙන් රිය පැදවීමේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් තමන් වැරදිකරු බවට නීතිවේදී සුගන්ධිකා ප්‍රනාන්දු පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ඇයට අවවාද කර මුදා හැරීමටයි කොළඹ රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කළේ.

අධිවේගී මාර්ගයේ පැයට කිලෝමීටර් 117ක වේගයෙන් රිය පැදවීමේ වරදට පෑලියගොඩ පොලීසිය විසින් ඇයට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කර තිබුනා.

කෙසේ වෙතත් නීතිවේදියෙකුගේ සහායක් නොමැතිව ඇයම විත්තිකූඩුවට නැග වරද පිළිගැනීම විශේෂත්වයක්.

About article14

Check Also

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර අවසන් හා එකම 20 20 තරගය සජ්විව බලන්න

එකම 20 20 තරගය සජ්විව බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!