Breaking News
Home / දේශීය පුවත් / රටින් පිටවීම තහනම්වූ දුෂිත මැලේෂියා හිටපු අගමැතිගේ නිවසෙන් සැක සහිත ශ්‍රී ලංකා මුදල් රුපියල් මිලියන ගණනක් හමුවෙයි. ලංකාවේ හංගපු දුෂණ එලියට එන ලකුණු

රටින් පිටවීම තහනම්වූ දුෂිත මැලේෂියා හිටපු අගමැතිගේ නිවසෙන් සැක සහිත ශ්‍රී ලංකා මුදල් රුපියල් මිලියන ගණනක් හමුවෙයි. ලංකාවේ හංගපු දුෂණ එලියට එන ලකුණු

මැලේසියා හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසක තිබී ශ්‍රී ලංකා රුපියල් විසිඅට ලක්ෂ හැත්තෑදහසක (2,870,000)මුදලක් සොයාගෙන තිබෙනවා.

Image result for malaysia former prime minister najeeb

 

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම නිවසේ තිබී ඉතා වටිනා අත් ඔරලෝසු ඇතුලු සුඛෝපභෝගී භාණ්ඩ රැසක් ද හමුවී ඇති බවයි.

Image result for malaysia former prime minister najeeb

අදාළ නිවසේ ඇති සේප්පු ඇතුලු දේපළ තවදුරටත් පරීක්ෂා කරමින් පවතින බව ආරක්ෂක අංශ ප්‍රකාශකර තිබෙනවා.

මෙම නිවසින් සුඛෝපබෝගි භාණ්ඩ සහ මුදල් විශාල තොගයක් හමුවූ අතර ඒවා ඉතා ඉහළ මිලක් සහිත අත්බෑග්වල අසුරා තිබූ බව සඳහන්.

Image result for malaysia former prime minister najeeb

නජීබ් රසාක්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමිවූ දිනයේ අගමැති නිවහනේ සිට එහි නිල වෑන් රථයකින් පෙට්ටි තොගයක් ක්වාලාලම්පූර් අගනුවර සුඛෝපබෝගී නිවහනක් වෙත රැගෙන ගිය බව වාර්තා වුණා.

Image result for malaysia former prime minister najeeb

නජීබ් රසාක්ගේ පවුලේ සාමාජිකයින් භාවිත කරන එම නිවහනේ තිබී අදාළ මුදල් සහ සුඛෝපබෝගී භාණ්ඩ සොයා ගෙන ඇත්තේ එරට පොලීසිය සිදුකළ හදිසි මෙහෙයුමකින්.

Image result for malaysia former prime minister najeeb

හිටපු අගමැති නජීබ් රසාක් ‘‘වන් – එම්.ඩී.බී’’ හෙවත් මැලේසියා සංවර්ධන අරමුදල නමින් අරමුදලක් පිහිටුවා ඩොලර් මිලියන 700 කට වැඩි මුදලක් සිය පෞද්ගලික ගිණුම්වලට හරවා ගත් බවට චෝදනා එල්ල වනවා.

නැවත මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරය හිමිකර ගත්, මහතීර් මොහොමඩ්, නජීබ් රසාක්ට රටින් පිටවීම තහනම් කරමින් අදාළ චෝදනා පිළිබඳ සොයා බැලීමට සූදානම්.

මෙම ක්‍රීයාත්මක දැඩි පරීක්ෂණ වලින් බොහෝවිට ලංකාවේ දේශපාලකයින් ඩිල් දමා සගවා ඇති දුෂණ චෝදනා වලට පිළිතුරු මැලේෂියාවෙන් එලිවිමට බොහෝදුරට ඉඩ තිබෙන බවනම් මේ වන විට පැහැදිලියි

About article14

Check Also

‘ප්‍රසිද්ධියේ කතා කරන්න කැමති නැ තමන් කිසි දිනක තරග පාවා දී නැ’ නිහඬව සිටි සනත් නිහඬතාව බිදිමින් නිවේදනයක් නිකුත් කරයි

හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!