Breaking News
Home / දේශීය පුවත් / රටකට ජාත්‍යන්තරෙන් ලැබුන සම්මානයක් හොරකම් කරන අදමයෝ බිහිවුන රටේ ලෙස්ටර් වෙනුවෙන් ආය සම්මානය ගෙනත් දෙන්නයි ආයාචනා කල හැටි

රටකට ජාත්‍යන්තරෙන් ලැබුන සම්මානයක් හොරකම් කරන අදමයෝ බිහිවුන රටේ ලෙස්ටර් වෙනුවෙන් ආය සම්මානය ගෙනත් දෙන්නයි ආයාචනා කල හැටි

හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඊයේ දිනයේදී නිවසින් අතුරුදන්වූ රණමයුර පදක්කම කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇත්නම් එය නැවත ලබාදෙන ලෙස කලාකරුවන් ඉල්ලීමක් කරනවා.

මේ අතර අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හිමිවී තිබූ මෙම පදක්කම නිවසින් අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර උපදෙස් ලබාදී තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ අදාළ පරීක්ෂණ සිදුකරන ලෙසටයි අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.

එමෙන්ම වීඩියෝ දර්ශන මාර්ගයෙන්ද අදාල සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ විමර්ශණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද පත්කර ඇති බවයි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය ඊයේ උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම පදක්කම අතුරුදන්ව ඇති බවයි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.

1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි චිත්‍රපට උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට රණමයුර සම්මානය සමඟ මෙම පදක්කම හිමි වුණා.

ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ අදාළ සම්මානය කිසිවෙකු විසින් සොරාගෙන ගොස් ඇත්නම් එය නැවත ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටින බවයි.

About article14

Check Also

හතුරුසිංහ පුහුණුකාර දුරයෙන් ඉවත් කිරීමට කණ්ඩායමේ විරෝධය දක්වලා

ලෝක කුසලාන තරග මාලාවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!