Breaking News
Home / දේශීය පුවත් / රජයේ සේවකයන්ගේ මුලික වැටුප 10000 කින් වැඩිවේ. අවම වැටුප 35000 යි. විදෙස් ශ්‍රමික ආදායම් බද්දෙන් නිදහස්. 2019 අයවැයෙන් වෙන්න යන දේවල්

රජයේ සේවකයන්ගේ මුලික වැටුප 10000 කින් වැඩිවේ. අවම වැටුප 35000 යි. විදෙස් ශ්‍රමික ආදායම් බද්දෙන් නිදහස්. 2019 අයවැයෙන් වෙන්න යන දේවල්

රජයේ සේවකයින්ගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500ත් 10,000ත් අතර මුදලකින් ඉහළ දැමෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500කින් ඉහළ යන අතර ඉහළම නිලධාරියාගේ වැටුප රුපියල් 10,000න් වැඩි වන බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කරන්නේ.

2015 වසරේදී රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් ලබා දුන් අතර එම දීමනාව 2016 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළදී වාරික 05ක් යටතේ මූලික වැටුපට ගැලපීමට රජය තීරණය කරනු ලැබුවා.ඒ අනුව එහි පියවරක් ලෙස රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2019 වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2500 – 10,000ක් අතර ප්‍රමාණයකින් වැඩිවීමට නියමිතයි.

රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ නැංවීමේ අවසන් පියවර 2020 වසරේ ජනවාරි මාසයේ සිදු කෙරෙන අතර එම වසරේදී ද ඔවුන්ගේ මූලික වැටුප රුපියල් තවත් 2500 – 10,000 අතර ප්‍රමාණයකින් වැඩි කෙරෙන බව අමාත්‍යාංශය සඳහන් කර සිටියි.ඒ අනුව රාජ්‍ය සේවයේ අවම වැටුප 2020 වසරේ ජනවාරි මාසය වන විට රු. 35,000ක් වනු ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ප්‍රකාශ කර සිටියා.

මෙහිදී ණය ලබා ගැනීමේදී සහ විශ්‍රාම වැටුප් සකස් කිරීමේදී රාජ්‍ය සේවකයින්ට වාසි සැලසෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. ලබන මස 5 වනදා පාර්ලිමේන්තුවට අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට සුදානම් අතර මාර්තු මස 5 වනදා සම්මත කරගැනීමට පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන බවද මුදල් ඇමතිවරයා පවසා සිටිනවා.

දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධන කිහිපයක් නිසා ඇතිව තිබෙන බදු සහන පිළිබඳවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිය ට්විටර් ගිණුම මගින් ප්‍රකාශ කර ඇත්තේ මෙසේයි.

01 රාජ්‍ය සුරැකුම්පත් මත අයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කෙරේ.02 මසකට රුපියල් 50000 නොයික්මවන කර්තෘභාග සඳහා අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත්කරන අතර එහි උපරිමය වසරකට ලක්ෂ පහක් බවට පත්කර තිබේ.

03 කුලී ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද 10% සිට 5%ක් දක්වා අඩුකර තිබේ.04 අවුරුදු 18ට අඩු ළමයින්ගේ ඉතුරුම් හා ස්ථාවර තැන්පත් ගිණුම් මත අය කළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කෙරේ.05 2019/04/01 දා සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් අය කරන ආදායම් බදු සීමාව 14%ක් දක්වා උපරිමයකට පමණි.

06 ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් මත රඳවා ගැනීමේ බදු අය කිරිමේ සීමාව රුපියල් 150000 සිට රුපියල් 300000ක් දක්වා වැඩිකෙරේ.07 ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අනුමත වාණිජ බැංකු තුළ පවත්වාගෙන යන NRFC හා RFC ගණුම් මත අය කළ රදවා ගැනීමෙ බද්ද 2018/11/15 දායින් පසුව ඉවත් කෙරේ.08 විදේශ ඉපයීම් ලංකාවට එවීමේදී අයකළ ආදායම් බද්ද 2018/11/15 සිට ඉවත් කෙරේ.ම්ම්

About article14

Check Also

මිහින්තලා පුජා භුමිය ලෝක උරුමයක් කර පොසොන් රාජ්‍ය උත්සවයක් කිරීමට සුදානමක්

පොසොන් උත්සවය වාර්ෂික ජාතික උත්සවයක් සේ සැලකීම සහ මිහින්තලාවේ වාර්ෂික පොසොන් පෙරහැර සඳහා රාජ්‍ය අනුග්‍රහය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!