Breaking News
Home / දේශීය පුවත් / රක්ෂණ සංස්ථාවේ පොහොට්ටු සමිතියේ නායකයා ප්‍රාදේශීය සබා ජය සමග රනිල් මෛත්‍රී පින්තුර විසිකර මහින්ද එල්ලා ලේකම්වරියට පහරදී රෝහලේ

රක්ෂණ සංස්ථාවේ පොහොට්ටු සමිතියේ නායකයා ප්‍රාදේශීය සබා ජය සමග රනිල් මෛත්‍රී පින්තුර විසිකර මහින්ද එල්ලා ලේකම්වරියට පහරදී රෝහලේ

මහින්ද පාර්ශවය නියෝජනය කරන ශ්‍රී ලංකා රක්ෂන සංස්ථාවේ නිදහස් සේවක සංගමයේ සභාපති කමල් ගෝමස් විසින් කරනු ලැබූ පහර දීමක් හේතුවෙන් සංස්ථා සභාපතිවරයාගේ ලේකම්වරිය රෝහල් ගත කර ඇත.

පළාත් පාලන මැතිවරණය නිමා වීමෙන් පසුව කමල් ගෝමස් විසින් සංස්ථා පාර්ශවයේ තිබූ ජනාධිපතිවරයාගේ,අගමැතිවරයාගේ සහ විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ඉවත් කර එම ස්ථානයේ මහින්ද රාජප්ෂගේ ඡායාරූපයක් එල්ලීමට කටයුතු කර ඇත. ඉන් පසුව එහි විධායක අධ්‍යක්ෂවරයා විසින් නැවත් ඡායාරූප තිබූ පරිදි සකසන්නට කටයුතු කර ඇති අතර ඊයේ (14) එම පුද්ගලයා සංස්ථා සභාපතිවරයාගේ කාමරයට බලහත්කාරයෙන් ඇතුල්වීමට උත්සාහ කරද්දී ලේකම්වරිය සභාපතිවරයා දැනුවත් කරන තෙක් මදක් රැදී සිටින්න යැයි පැවසූ විට මෙම පහරදීම කර ඇත.

පහරදීමෙන් තුවාල ලත් ලේකම්වරිය පළමුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වන විට වැඩි දුර පරීක්ෂණ සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් පවතියි.

About article14

Check Also

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!