Breaking News
Home / දේශීය පුවත් / යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විජේකලාගේ කොටි ආදරය ගැන හෙලාදකිමින් ප්‍රකාශයක් නිකුත් කරයි

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විජේකලාගේ කොටි ආදරය ගැන හෙලාදකිමින් ප්‍රකාශයක් නිකුත් කරයි

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පසුගියදා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් යුද හමුදාව ප්‍රතිචාර දක්වනවා.

ඒ අනුව එම ප්‍රකාශය හෙළා දකින බවයි යුද හමුදාව ද පවසන්නේ.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක කියා සිටියේ මෙම ප‍්‍රකාශය කිසිසේ්ත් අනුමත කළ නොහැකි බවයි.

මෙම ප‍්‍රකාශය රජයේ සංහිඳියා වැඩපිළිවෙලට ද බාධාවක් බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නා.

එල්. ටී. ටී. ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට විජයකලා මහේෂ්වරන් සිදු කළ එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය සමාජයේ දැඩි කතාබහක් මතු කළා.

මේ අතර විජයකලා මහේෂ්වරන්ගේ අමාත්‍ය ධුරය අහිමි කිරීම පමණක් ප‍්‍රමාණවත් නොවන බව රණවිරු සංගම් පවසනවා.  ඔවුන් අවධාරණය කළේ ඉකුත්දා කරන ලද ප‍්‍රකාශය අනුව ඇය අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළ යුතු බවයි.

About article14

Check Also

වයස 80 රාජ්‍ය භාෂා ඇමති පපයා ඇමති වෙලා සතියයි අධිකරණ ඇතුලේ ගහගන්න යයි. ඔන්න මුන්ට පැය ගානකට බලය ලැබුනත් හැසිරෙන විදිය.

කවුද යකෝ මේ අධිකරණෙ මට හු කියන්න ඉන්න එකා – වාසු මුත්තා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!