Breaking News
Home / ක්‍රිඩා / මොම්බායි ඉන්දියන් ප්‍රධාන පුහුනුකරු අපේ මහේල කණ්ඩායමේ විනය හදන්න අපූරු දඬුවමක් නිර්මානය කරයි. බලන්න

මොම්බායි ඉන්දියන් ප්‍රධාන පුහුනුකරු අපේ මහේල කණ්ඩායමේ විනය හදන්න අපූරු දඬුවමක් නිර්මානය කරයි. බලන්න

IPL තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන. ඔහු විසින් මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයින් සිදු කරන වැරදි සඳහා අපුරු දඬුවමක් හදුන්වා දී තිබෙනවා.

මේ අනුව බස් රථයට පැමිණීමට ප්‍රමාද වන වැනි කණ්ඩායමේ තුල සිදු කරන අතපසුවීම් සහ වැරදි සඳහා මහේල මේ දඬුවම නිර්මාණය කර තිබෙනවා.
මේ දඬුවම විදීමට සිදුවන ක්‍රීඩකයාට විශේෂිත ඇඳුමක් නිර්මාණය කර ඇති අතර කණ්ඩායම සමග සංචාරය කරන සෑම අවස්ථාවකදීම ඔහු එම ඇඳුම ඇදගෙන යා යුතු වනවා.

පළමු වරට මේ වරදට හසු වී ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සූරියකුමාර් යාදව්. වෙනත් ක්‍රීඩකයකු වරදක් සිදු කරන තෙක් එම ක්‍රීඩකයා මේ දඬුවම් ඇඳුමෙන් සැරසී සෑම ගමනක් සඳහාම එක්වීමට සිදුවන බවයි මහේල පවසන්නේ.

මේ දඬුවම පළමු වරට විදින සූරියකුමාර් යාදව් පවසන්නේ දඬුවම් ඇඳුම තමන්ට හොදටම ගැලපෙන බවයි.

About lanka

Check Also

ශ්‍රී ලංකා පකිස්තාන සංචාරයේ ආරක්ෂාව තහවුරු කරන්න අයිසිසියෙන් කණ්ඩායමක් යයි

ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට නියමිත තරග නිලධාරීන් නම් කිරීමට පෙර එම තරගාවලිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!