Breaking News
Home / දේශීය පුවත් / මොණරාගල සිට කොළඹ දක්වා එන බස් රථයකට බෝම්බ ප්‍රහාරයක්. රියදුරුට බරපතලයි

මොණරාගල සිට කොළඹ දක්වා එන බස් රථයකට බෝම්බ ප්‍රහාරයක්. රියදුරුට බරපතලයි

මොණරාගල සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයකට අද අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව ගොඩකවෙල පොලිසිය පැවසීය.

අද අලුයම 4.30 ට ගොඩකවෙල පල්ලෙබැද්ද ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් බස් රථය ඉදිරියට පැමිණ රියදුරු අසුන දෙසට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

සිද්ධිය වන අවස්ථාවේ මගීන් දස දෙනෙක් පමණ බස් රථයේ ගමන් කර ඇත.

සිද්ධියෙන් බස්රථයේ රියදුරු බරපතල තුවාල ලබා ගොඩකවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව පොලිසිය සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් ගොඩකවෙල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-adaderana

About article14

Check Also

රට රකින රණවිරුවන් අතර මිනිස් කමටත් නිගාවෙන තිරිසන්නුත් ඒ අතර හෙදිය සමග යාලුවී සමුහ දුෂණය කල අපරාධයේ කලකිරෙන සංවේදී කතාව

ඉතාම සංවේදී කතාවක්.. මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!