Breaking News
Home / දේශීය පුවත් / මෛත්‍රී වැඩ අරභයි. සිංහ නාද දැමූ නියෝජ්‍ය ඇමති අරුන්දික පන්නයි

මෛත්‍රී වැඩ අරභයි. සිංහ නාද දැමූ නියෝජ්‍ය ඇමති අරුන්දික පන්නයි

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අරුන්දික ප්‍රනාන්දු මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධූරයෙන් ඉවත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කල නිවේදනයක එසේ සඳහන් වෙනවා.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(3)(අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ඉවත්කිරීම සිදුකර තිබෙන අතර එය අද (12) සිට බලපැවැත්වේ.

නියොජ්‍ය අමාත්‍ය ඇරුන්දික ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා ගැනීමට පසුගිය  27 පෙරවරු 9.30 ට මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට කැඳවා තිබූනා.

ඒ මිග් යානා ගනුදෙනුවේදි  මුල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී සිටින  ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග සමඟ ජපානයේදි ජායාරුපයකට පෙනි සිටිම සම්බන්ධ සිද්ධියක් පිළිබඳ කරුණු වීමසීමක වන බව සඳහන්.

මුල්‍ය අපරාධ විමර්ශක කොට්ටාසයට පමිණ යන අවස්ථාවේදී අරුන්දික ප්‍රනාන්දු තමන් ඇතුළු 12 දෙනෙකු ඇමති ධුර අතහැර ආණ්ඩුවෙන් ඉවත් වන බව සඳහන් කර සිටියා.

මෙම පිරිස ඉවත් වන්නේ මුල් වටයට බවත් තවත් පිරිස් ඉදිරියේදී ඉවත් වන බවත් ඔහු කියා සිටියා.

 

About article14

Check Also

ලුණු බික්කත් බඩට කියමින් සිරිසේන නැවත දූර කාලය 2020 මැයි දක්වා වැඩි කරගැනීමට යටි කුට්ටු ගේමක් ගසමින් යයි. නිදහස් පක්ෂ නායකයන්ට අකණ්ඩව රටේ නායක කම වසර 26 ක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ ධුරකාලය අවසන් වන්නේ 2020 මැයි 26 වැනිදා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් වසන්ත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!