Breaking News
Home / කාටූන් / මෛත්‍රී ඔපරේෂන් 2 අරභයි. බැඳුම්කර දූෂිතයන්ට නඩු. පරණ ආන්ඩුවේ ගෝලයන්ගේ නඩු 35 හමස් පෙට්ටියට

මෛත්‍රී ඔපරේෂන් 2 අරභයි. බැඳුම්කර දූෂිතයන්ට නඩු. පරණ ආන්ඩුවේ ගෝලයන්ගේ නඩු 35 හමස් පෙට්ටියට

 

බැඳුම්කර සිද්ධියට අදාළව දෙවැනි මෙහෙයුම ආරම්භ කළ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (17) ඇල්පිටියේදී ප්‍රකාශ කළේය.

බැඳුම්කර සිද්ධියට අදාළව නීතිය ක්‍රියාත්මක කරන්නැයි නීතිපතිට හා අල්ලස්‌ කොමිසමේ අධ්‍යක්‌ෂ ජනරාල්ට උපදෙස්‌ දුන් බව ද හෙතෙම ප්‍රකාශ කළේය. බැඳුම්කර වරදකරුවන්ට දඬුවම් දීමට කොපමණ කාලයක්‌ ගතවේ ද යන්නත් විමසූ බවත් හෙතෙම ප්‍රකාශ කළේය. පෙරේදා කැබිනට්‌ මණ්‌ඩලයේ ඇතිවූ සිද්ධිය ගැන ද අදහස්‌ දක්‌වා ඇති ජනාධිපතිවරයා තමන් ධම්මපදය උපයෝගි කරගෙන දේශනයක්‌ පැවැත්වූ බව ප්‍රකාශ කළේය.

අකුසල් කිරීමෙන් ඇතිවන ප්‍රතිඵල ද කැබිනට්‌ මණ්‌ඩලයට පෙන්වාදුන් බව හෙතෙම සඳහන් කළේය.

‘‘පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මංකොල්ලය සොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත්කළේ. ඒ ජනාධිපති කොමිසම පත්කරන කොට අද අප විවේචනය කරන අය එක එක දේවල් කිව්වා. ඕවා දැම්මට ඕවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිව්වා. මම අද දවාලේ නීතිපතිතුමා මගේ කාර්යාලයට ගෙන්නුවා. අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට එන්න කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා. රජයේ ක්ෂේත්‍රවල නීති විශාරදයන්ට එන්න කිව්වා. ඒ සියලුම දෙනාට එන්න කියල මං ඒ සාකච්ඡාව අවසන් කරලා ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඩුවම්දීමට, අපෙන් හොරකම් කළ ජනතාවගේ සල්ලි ආපසු ගැනීමට ,ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔබට කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයකින් මේක අවසන් කරනවද කියල මං ඒ අයගෙන් අහල ඒ වැඩපිළිවෙළ හදලා මේ රැස්වීමට ආවේ හොරුන්ට දඩුවම් කරන්න‘‘ යැයි ජනපති එහිදී කියා සිටියේය.

බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවති රැස්‌වීම පිළිබඳව ජනාධිපති මාධය ඒකකය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් කළේය,

මහබැංකු බැ`දුම්කර ගනුදෙනුව පිළිබ`ද සෙවීමට පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ සහ බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම ස`දහා වූ ජනාධිපති පරීක්‌ෂණ කොමිසමේ අවසන් වාර්තාවන්හි ඇතුළත් යෝජනා ක්‍රියාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු පිළිබ`දව සොයා බැලීම ස`දහා සාකච්ඡාවක්‌ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17 දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

නීතිපති, මහබැංකු අධිපති, අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‌ෂ ජනරාල් ඇතුළු නිලධාරීන් එක්‌ව සිටි මෙම සාකච්ඡාවේදී බැ`දුම්කර කොමිෂන් සභා වාර්තාව මඟින් සිදුකරන ලද නිර්දේශ ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබ`ද පහත අංශ යටතේ අවධානය යොමු කෙරිණි.

බැඳුම්කර කොමිසමේ නිර්දේශ ප්‍රධාන වශයෙන් කොටස්‌ හතරකි. ඒ, වැඩිදුරටත් විමර්ශන පැවැත්වීම, ඇතැම් තැනැත්තන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම, පවතින නීති සංශෝධනය කිරීම සහ අවශ්‍ය පරිදි නව නීති සම්පාදනය මෙන්ම අනාගතයේදී මෙවැනි අක්‍රමිකතා, දූෂණ හෝ අපරාධ සිදුවීම වළක්‌වා ගැනීම ස`දහා ගත යුතු වෙනත් ක්‍රියාමාර්ග වශයෙනි.

ඒ අනුව සිදුකර ඇති අපරාධවලට අදාළ වගකිවයුත්තන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම, රජයට සහ සේවක අර්ථ සාධක අරමුදලට සිදුව ඇති අලාභය පියවා ගැනීම පිණිස සහ නීත්‍යනුකූල නොවන ක්‍රියාවන්හි යෙදුණු තැනැන්තන්ට එරෙහිව සිවිල් නඩු පවරා වන්දි ලබා ගැනීමට කටයුතු කිරීම මෙන්ම විවිධ රාජ්‍ය ආයතනවල සේවය කරන ලද මෙම අපරාධයට සම්බන්ධ නීත්‍යනුකූල නොවන ක්‍රියාවන්හි යෙදුණු පුද්ගලයන්ට එරෙහිව විනය පියවර ගැනීමට ද නිර්දේශ කෙරිණි.

අපරාධ නඩු පැවරීම නීතිපතිතුමා සහ අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‌ෂ ජනරාල්තුමා විසින් සිදු කෙරෙන අතර මෙම අපරාධයට සෘජුව හා වක්‍රව සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දණ්‌ඩ නීති සංග්‍රහය, පොදු දේපළ පනත, ස්‌කන්ධ ආඥා පනතෙහි ස`දහන් වරදවල් සහ මුදල් විශුද්ධිකරණ පනත වැනි පනත් සහ නීති උපයෝගි කරගනු ඇත.

තවද බැ`දුම්කර කොමිසම හමුවේ ඉදිරිපත් කර තිබෙන සාක්‌ෂි සහ පවත්වන ලද විමර්ශනයේදී අනාවරණය වූ කරුණුවලින් වෙනස්‌ සහ වැඩිමනත් වරදවල් අනාවරණය වන්නේ නම් ඒවා සිදුකරන ලද පුද්ගලයන්ට එරෙහිව ද ක්‍රියාමාර්ග ගනු ඇත.

සිදුව ඇති අපරාධ පිළිබ`ද වැඩිදුර විමර්ශනය කිරීමේදී නීතිපතිතුමාගේ උපදෙස්‌ ප්‍රකාරව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව තුළ වෙනම ඒකකයක්‌ ස්‌ථාපිත කිරීමට ද ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහ විනිමය පාලකවරයාගේ සහයෝගය ලබාගැනීම ද නිර්දේශ වී ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව මාර්ගයෙන් වෝහාරික විගණනයක්‌ පැවැත්වීමට ද නිර්දේශ වී තිබේ.

විමර්ශන කටයුතු සිදුකිරීමේදී අදාළ ආයතන සියල්ල අතර මනා සම්බන්ධීකරණයක්‌ හුවා දක්‌වමින්, ජනාධිපති කොමිෂන් වාර්තාවේ ස`දහන් විමර්ශනාත්මක ද්‍රව්‍ය හා සාක්‌ෂි Rජුව සලකා බැලීමට හැකිවන පරිදි අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීමට නිර්දේශ වී තිබේ.

අපරාධ ක්‍රියාවලියෙහි වගකීම සම්බන්ධයෙන් ඒ ඒ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මෙන්ම යම් යම් සමාගම්වල සිදුව ඇති අපරාධ පිළිබ`ද නෛතික වගකීම සලකා බැලීමට ද නිර්දේශ විය.

රජයට අයවිය යුතු අලාභය සහ වන්දි අයකර ගැනීම ස`දහා සිවිල් නඩු පැවරීම නිර්දේශ කර ඇති මුත් සිවිල් නඩු ස`දහා දිගු කාලයක්‌ ගතවන බැවින් මෙවැනි නඩු ස`දහා සිවිල් නඩු විධිවිධාන කාර්යය පටිපාටියෙහි යම් සංශෝධනයක්‌ ගෙනඒම පිළිබ`ද නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවනු ඇත.

එහිදී, දැනට පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගම සහ ඊට අනුබද්ධ සමාගම්වල සහ වෙනත් තැනැත්තන් විසින් බැ`දුම්කර ගනුදෙනු හරහා නීත්‍යනුකූල නොවන ලෙස එකතුකර ගන්නා ලද දේපළ අප්‍රමාදීව තහනමට ලක්‌ කිරීමට නීතිපතිවරයාගේ අවධානය යොමු කර තිබේ.

නඩු ක්‍රියාමාර්ගවලට අදාළ ආවේණික ප්‍රමාදය හේතුවෙන්, රජයට සහ සේවක අර්ථ සාධක අරමුදලට අයවිය යුතු මුදල් පියවා ගැනීම ස`දහා, ආණ්‌ඩුක්‍රම ව්‍යවසAථාව උල්ලංඝනය නොවන පරිදි, පාර්ලිමේන්තු පනතක්‌ සම්මත කර ගැනීම එනම් ව්‍යවස්‌ථාදායක බලය භාවිත කළ යුත්තේ ද යන්න සොයා බැලීමට කොමිසම නිර්දේශ කර තිබේ. ඒ පිළිබ`දව සොයා බැලීමේ කාර්ය නීතිපතිවරයාට පැවරිණ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය පනත, ලියාපදිංචි කොටස්‌ සහ සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්‌ඩාගාර බිල්පත් ආඥා පනත යන පනත් සංශෝධනය කිරීම හෝ නව පනත් ගෙනඒම සම්බන්ධයෙන් සොයා බැලීමට ද නිර්දේශ විය.

සේවක අර්ථ සාධක අරමුදලේ ස්‌වාධීනත්වය තහවුරු කිරීම මඟින් එහි දායකයන් වන හිටපු සහ වත්මන් පෞද්ගලික අංශයේ සේවක ප්‍රජාවගේ උපරිම සුබසිද්ධිය ස`දහාම පමණක්‌ එම අරමුදල පවත්වා ගැනීම ස`දහා එම අරමුදලේ ඉහළ කළමනාකාරීත්වය සහ මහ බැංකුව අතර පවතින සම්බන්ධය ප්‍රතිව්‍යqහගත කිරීම කොමිෂන් වාර්තාව මඟින් නිර්දේශ කර තිබීම පිළිබ`ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් භාවිත කරමින් 2008-2014 කාලසීමාව තුළ මහබැංකුවේ භාණ්‌ඩාගාර බැ`දුම්කර සහ බිල්පත් ගනුදෙනු පිළිබ`ද සොයා බැලීම ස`දහා වෝහාරික විගණනයක්‌ පැවැත්වීමට නිර්දේශ කෙරිණි.

රාජ්‍ය ව්‍යවසාය පිළිබ`ද පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකත්වය දරන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එම කමිටුව මඟින් භාණ්‌ඩාගාර බැ`දුම්කර සහ පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගමට අදාළ විමර්ශන පවත්වමින් සිටින කාලය තුළ ද එම සමාගමේ ප්‍රධානී අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමඟ සන්නිවේදනය කර තිබෙන බව හෙළි වී තිබේ. එම විෂමාචාර හැසිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කථානායකතුමාගේ අවධානය යොමු කෙරෙණු ඇති අතර එම කමිටුවෙහි මන්ත්‍රීවරු හට විශේෂ ආචාර ධර්ම පද්ධතියක්‌ පැනවීම කෙරෙහි ද කථානායකතුමාගේ අවධානය යොමු කිරීමට නිර්දේශ කෙරී තිබේ.

රාජ්‍ය ආයතන සහ නිලධාරීන්ගේ විෂමාචාරවලට ප්‍රතිචාර දැක්‌වියයුතු ආකාරය පිළිබ`දව පුළුල් කතිකාවක්‌ ආරම්භ කිරීම ස`දහා කොමිෂන් වාර්තාවෙන් ලබාගත හැකි පාඩම් බොහෝ ඇති බව අවධාරණය කළ ජනාධිපතිතුමා රජයේ ඉහළ සිටම විනිවිදභාවය ආරක්‌ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

මෙවන් අපරාධ තවදුරටත් සිදුවීම වළක්‌වාලනු පිණිස මහබැංකුවේ පිහිටි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ සහ මූල්‍ය මණ්‌ඩලයේ නිසි සංශෝධන කිරීමටත්, වගවීම තහවුරු කිරීමටත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය.

බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සහ බරපතළ වංචා සහ දූෂණ පිළිබ`ද සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර, එය අද ඊයේ පාර්ලිමේන්තුවට ද ඉදිරිපත් කළ බව ජනාධිපතිතුමා ස`දහන් කළේය

ධම්මපදය සාධාරණත්වය විනිවිදබාවය සෘජු තීරන ගැනීම හා සාධනීය ලක්ෂන ජනාධිපතිවරයා අළුත් චෝදනාවලට පෙන්නුම් කලත් වැසී ගිය ඔහුද ඇමතිව සිටි ආන්ඩුවේ ගෝලයන්ගේ නඩු 35 වෙනුවෙන් එම ලක්ෂන නොපෙන්වීමත් මේ වන විට සමාජයේ උදහසට හේතු වී ඇත.

About lanka

Check Also

මෛත්‍රී අපිට පින් දිය යුතුයි. නැත්තම් අද එයා පොලව යට එජාපයේ අය එලවන්න කලින් වටේ ඉන්න දුෂිතයන් එලවන්න – මුජබර් රහුමාන්

දුෂණ වංචා ගැන කතා කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ශක්තිය අරන් දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!