Breaking News
Home / කාටූන් / මෛත්‍රී අපිට පින් දිය යුතුයි. නැත්තම් අද එයා පොලව යට එජාපයේ අය එලවන්න කලින් වටේ ඉන්න දුෂිතයන් එලවන්න – මුජබර් රහුමාන්

මෛත්‍රී අපිට පින් දිය යුතුයි. නැත්තම් අද එයා පොලව යට එජාපයේ අය එලවන්න කලින් වටේ ඉන්න දුෂිතයන් එලවන්න – මුජබර් රහුමාන්

දුෂණ වංචා ගැන කතා කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ශක්තිය අරන් දුන්නේ එක්සත් ජාතික පක්‍ෂය බවත් එසේ නොවන්නට ඔහු අද ඉන්නේ පොලොව යට බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමන් පවසයි.

‘එනිසා ඒ ගැන ඔබතුමා අපට පින් දිය යුතුයි’ යනුවෙන්ද මන්ත‍්‍රිවරයා කීය.

ඔහු මෙසේ පැවසුවේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් බොරැල්ලේදී පැවති එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.

ජනාධිපතිවරයා එජාපයේ දුෂිතයන් සෙවීමට කලින් ශ‍්‍රිලනිපයේ ඔහු වටා සිටින දුෂිතයන් පිරිස එලවා ආදර්ශයක් දිය යුතු යයිද මන්ත‍්‍රීවරයා කීවේය.

බාල තෙන් ගෙන්වූ අය, විදේශ සේවා කාර්යාලයෙන් මුදල් වංචා කල අය, සමෘද්ධිය ගසා කෑ අය, මැතිවරණ වේදිකා ගිනි තැබූ අය, ගුරුවරුන් දණ ගැස්වූ අය, හම්බන්තොටදී තුවක්කු උස්සාගෙන ආ අය ඉන්නේද ශ‍්‍රීලනිපයේ බවත් මුලින්ම ඔවුන් පක්‍සයෙන් ඉවත් කල යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

 

මෛත‍්‍රී ජනාධිපති කලාට ඔහු අපට පින් දිය යුතුයි.. දුෂියන් ඉන්නේ ඔහු ලගයි.. මුලින්ම ඔවුන් පන්නනු..

About lanka

Check Also

හරින්ට තවත් ඇමතිකමක් ලැබෙන්න යයි මේ එජාප තනි ආණ්ඩුවක පෙරනිමිතිද?

තමන් දැනට දරන ඇමති ධුරයට අමතරව තවත් ඇමති කොටසක් තමාට ලැබෙන බව විදුලි සංදේශ හා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!