Breaking News
Home / ක්‍රිඩා / මෛත්‍රීට තනි ආණ්ඩුවක් හදන්න එහෙ මෙහෙ දුවපු දයාසිරි ක්‍රීඩා ඇමතිකමෙන් ඉවත් කරනවට මෛත්‍රී අසතුටෙන් බව ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් හෙළිකරයි

මෛත්‍රීට තනි ආණ්ඩුවක් හදන්න එහෙ මෙහෙ දුවපු දයාසිරි ක්‍රීඩා ඇමතිකමෙන් ඉවත් කරනවට මෛත්‍රී අසතුටෙන් බව ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවියක් හෙළිකරයි

Image result for dayasiri with maithripala

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය පිළිබද සැගවුන හා ආන්දෝලනාත්මක පුවත් ගෙන එන ඉන්දීය වෙබ් අඩවියක් වන ක්‍රිකට් එජ් වෙබ් අඩවියේ රෝහිත් පවර් තවත් හෙළි කිරීමක් කර තිබෙනවා. ඒ කරන්නට යන කැබිනට් සංශෝධනයේදී ක්‍රීඩා ඇමති දුරය වෙනස් කරනවාට ජනාධිපතිවරයා අකමැත්තක් දක්වන බවයි. එයට හේතුව ක්‍රීඩා ක්ෂේත්‍රය දියුණු කිරීමවත් වෙනත් සාර්ථකත්වයක් නිසා නොවන අතර ශ්‍රීලනිප වෙනුවෙන් රනිල් ඉවත් කර ඒකාබද්දේ සමග ආණ්ඩුවක් සැදීමට ගත් උත්සාහයට කාලගුණ සැලකීමක් වෙනුවෙනි.

ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩාවන් අර්බුධයකට දමා සිටියදී පාට පක්ෂ බේදයකින් තොරව මෙම ක්‍රීඩා ඇමතිවරයාට දැඩි විරෝධයක් හා පිළිකුලක් සමාජයෙන් දැක්වුවත් ජනාධිපතිවරයාගේ දර දිය ඇදීම නිසා රටේ ක්‍රීඩාව දයාසිරිට අවශ්‍ය පරිදි සංසර්ගයේ යෙදවීමට ජනාධිපතිවරයා උත්සහා කරන බවයි වෙබ් අඩවිය සදහන් කරන්නේ.

තවද රනිල් වික්‍රමසිංහ අගමැති දුරයෙන් ඉවත් කිරීමට මුලික වූ පුද්ගලයා දයාසිරි නිසා එක කැබිනට් මණ්ඩලයේ වාඩිවීමට නොහැකි තත්වයක්ද ඔහුට ඇතිවී ඇති බවයි සදහන් වන්නේ. ඉන්දීය ක්‍රිකට් වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට අගමැති ඉවත් කිරීම අසාර්ථකවූ පසු ජනාධිපතිවරයාට වඩා බලසම්පන්නව අගමැති මේ වන විට කටයුතු කරන බැවින් සදුදා කැබිනට් හමුවටද දයාසිරි සහබාගි නොවූ බව හේතුවක් ලෙස වාර්තා කරනවා.

ඉතිහාසයේ අසාර්ථකම ක්‍රීඩා ඇමති සහ සුසන්තිකා මාලිංග වැනි ලෝකපුජිතයන්ගෙන් පුද්ගලිකව පලිගැනීම් කල මොහු ඉවත් නොකර තබා ගැනීමට ජනාධිපති උත්සහා කලත් යම් හෙයකින් අගමැති පාර්ශවයෙන් එයට විරෝදයක් පැමිණියොත් ඒ වෙනුවට මෑත කාලයේ සාර්ථකම ක්‍රීඩා ඇමතිවරයකු වී සිටි එස්බී දිසානායක හෝ හරින් ප්‍රනාන්දු පත් කිරීමට කටයුතු කරනු ඇති බවයි ඉන්දීය වෙබ් අඩවිය පවසන්නේ.

කෙතරම් කටමැත දෙඩෙව්වත් පාට පක්ෂ බේදයකින් තොරව පිළිගන්න කාරනයක්නම් එස්බී දිසානායකගේ ක්‍රීඩා ඇමති යුගය ලංකාවේ ස්වර්ණමය යුගය ලෙසයි. එය ලෝකකුසලාන නායක අර්ජුන, ඔලිම්පික් පදක්කම් ලාබී සුසන්තිකා ඇතුළු විශාල ක්‍රීඩකයින් පිරිසක් ප්‍රසිද්දියේ පවසා ඇති කාරණයක්.

තවත් නම් දෙකක් ක්‍රීඩා ඇමති දුරය සදහා පාවෙමින් තිබෙන බව ක්‍රිකට් එජ් හෙළිකරන අතර ඒ ආන්දෝලනාත්මක චරිතයක් වන ජෝන් අමරතුංග හා දින සිය ආණ්ඩුවේ ක්‍රීඩා ඇමති නවින් දිසානායක වේ.

About article14

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!