Breaking News
Home / දේශීය පුවත් / මෛත්‍රීගේ පහ හය කිරීමේ අදහසේ මොලකරු ලගදි සංවිධායක දුරයෙන් ඉවත් කල එජාපේ මන්ත්‍රී කෙනෙක් බව සොයාගයි

මෛත්‍රීගේ පහ හය කිරීමේ අදහසේ මොලකරු ලගදි සංවිධායක දුරයෙන් ඉවත් කල එජාපේ මන්ත්‍රී කෙනෙක් බව සොයාගයි

ජනාධිපතිධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සඳහා නීතිමය උපදෙස් දුන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පිළිබඳව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය 5 ද 6 ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා තමා සමඟ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙකුද ශ්‍රීලනිප ආණ්ඩුවකට එකතුවිමට සිටින බවද ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රකාශ කර ඇතැයි ආණ්ඩුවේ එ.ජා.ප පසුපෙළ මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂ සංවිධායකධූරයෙන්ද ඉවත් කර සිටින මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් යහපාලනය සඳහා වන ජාතික රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර වන අනෝන්‍ය අවබෝධය බිදවැටීමට කාරණයක් වන බැවින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට පැමිණිලි කරන බවද මන්ත්‍රීවරයා කීවේය

About article14_2

Check Also

සුනිල් ශාන්තයන් යලි ජීවමාන කල ප්‍රවීන ගායන ශිල්පී අයිවෝ ඩෙනිස් මහතා හඬ ඉතිරිකර සදහටම අපෙන් නික්ම යයි

ප්‍රවීන ගායක සහ සංගීතඥ අයිවෝ ඩෙනිස් වයස අවුරුදු 86ක්ව සිටියදී අද අභාවප්‍රාප්ත වුණා. සීදුවේ පිහිටි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!