Breaking News
Home / දේශීය පුවත් / මෛත්‍රීගේ ගෝලයෝ ඔක්කොම අල්ලස් කාරයෝද? ලක්ෂ 6 ක් අල්ලස් ගත් ජනපති පත්කළ සභාපති තොන්ඩමන්ගේ මස්සිනා පළාත් සභා මන්ත්‍රී තොන්ඩමන්ගේ පියා බව හෙළිවෙයි

මෛත්‍රීගේ ගෝලයෝ ඔක්කොම අල්ලස් කාරයෝද? ලක්ෂ 6 ක් අල්ලස් ගත් ජනපති පත්කළ සභාපති තොන්ඩමන්ගේ මස්සිනා පළාත් සභා මන්ත්‍රී තොන්ඩමන්ගේ පියා බව හෙළිවෙයි

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මුත්තුවිනායගම් පසුගියදා රුපියල් ලක්ෂ 06ක අල්ලසක් ලබා ගැනිමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබුවාය.

හිටපු අමාත්‍ය සෞම්‍යමූර්ති තොණ්ඩමාන් මහතා මේ වන විට ජීවත්ව සිටියා නම් ඔහුගේ ඥාතීන් සිදුකරන දූෂණ වංචා හේතුවෙන් පපුව පැලී මිය යන බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.

ඒ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපලේ පිහිටි අවන්හල වසර දෙකක කූලි පදනම මත ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරදීම සඳහා සභාපතිවරයා විසින් රුපියල් ලක්ෂ 12ක අල්ලස් මුදලක් ඉල්ලා පසුව එය ලක්ෂ 06ක් දක්වා අඩු කර එය ලබා ගැනීමේදීය.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මුත්තුවිනායගම් ඌව පළාත් සභා මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන්ගේ පියා වන අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමාන්ගේ මස්සිනා වන අතර හිටපු අමාත්‍ය සෞම්‍යමූර්ති තොණ්ඩමාන්ගේ ඥාතී පුතෙකු වේ.

Image result for arumugan thondaman

සෞම්‍යමූර්ති තොණ්ඩමාන් හිටපු අමාත්‍යවරයා දමිළ ජනතාවට යම් සේවයක් කර ඇතත් ඔහුගේ මුණුපුරා වන ආරුමුගම් තොණ්ඩමාන් සහ මී මුණුපුරා වන සෙන්දිල් තොණ්ඩමන් වතු ජනතාවට කිසිදු සේවයක් නොකර අල්ලස් ලබා ගනිමින් අයතා ක්‍රියාවල නිරතවමින් සිටින බව අමාත්‍ය පලනි තිගම්බරම් මහතා මෙහදී පෙන්වා දුන්නාය.

Image result for arumugam thondaman and senthil thondaman

මොහු සභාපතිධුරය සඳහා පත්කිරීමට යාමේදී විෂය භාර අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා මහතාට මොහු පත් නොකරන ලෙස ප්‍රකාශ කළ විට ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව ඔහු එම තනතුරට පත්කරන බව සොයිසා අමාත්‍යවරයා තමන් වෙත ප්‍රකාශ කළ බව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා මෙහිදී කියා සිටියේය.

එසේනම් අල්ලස් ගත් මෙම පුද්ගලයාට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුබව ප්‍රකාශකළ අමාත්‍යවරයා කියා සිටියේ තම අමාත්‍යාංශය යටතේ කිසිවෙකුට මෙවැනි ක්‍රියාවල නිරතවීමට තමා ඉඩ ලබා නොදෙන්නේ තමන්ද එවැනි ක්‍රියාවල නිරත නොවන බැවින් බවයි.

එමෙන්ම වතු හාම්පුතුන් සමඟ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් අත්සන් කරන ගිවිසුම පාවා දෙමින් ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමාන් මහතා මුදල් ලබා ගන්නේදැයි සැක පහළවන බවද අමාත්‍ය පලනි තිගම්බරම් මහතා මෙහිදී පැවසීය.

About article14

Check Also

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි. විධායක ජනාධිපතිකම අහෝසි කරනවා කියලා සෝබිත හිමි දේහයට දිවුරලා බලය රැකගන්න බැසිල් ලග වැද වැටුනා – මහාචාර්ය සරත් විජේසුරිය

පෞරෂයක් නැති මෛත්‍රී නින්දිතයි.- මහාචාර්ය සරත් විජේසුරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!