Breaking News
Home / දේශීය පුවත් / මේ විශ්වාසය බංගය ගෙනාවේ මෛත්‍රී සහ ගෝටාගේ කල්ලිය. අගමැති හොරු 50 ක් රැක්කානම් මෛත්‍රී 51 ක් රැක්කා – රනිල් මහින්ද මෛත්‍රීගේ රෙදි බිමල් ගලවයි

මේ විශ්වාසය බංගය ගෙනාවේ මෛත්‍රී සහ ගෝටාගේ කල්ලිය. අගමැති හොරු 50 ක් රැක්කානම් මෛත්‍රී 51 ක් රැක්කා – රනිල් මහින්ද මෛත්‍රීගේ රෙදි බිමල් ගලවයි

අගමැතිට එරෙහි විශ්වාස බංග විවාදයට සහබාගිවෙමින් ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක පැවසුවේ මෙය ජුදාස්ලා තිදෙනෙක් පෙන්නුම් කරන විශ්වාස බන්ගයක් බවයි.

පළමු ජුදාස් වන්නේ රනිල් බවත් ඒ 2015 දී රනිල් වික්‍රමසිංහට ලද ජයක් නොමැති අතර පොදු වැඩ පිළිවලක් වන හොරකම දුෂණයට විරුද්දව දුන් ජනවරම ඔහු විසින් හොරු ආරක්ෂා කර අලුත් හොරු බිහි කර ජනවරම පාවා දුන් බවයි. ජන රැල්ල හැදුනේ එජාපය ජයගන්විමට නොවන අතර එය 77 එජාප ජය වැනි ජනවරමක් නොවන බව ඔහු තේරුම් නොගත්ත බවයි බිමල් පැවසුවේ.

රනිල් වෙනත් ජනබල වේගයකින් බිහිවූ අතුරු ප්‍රතිපලයක් බවත් එහෙත් ඔහුට වගකීමක් තිබෙන බවත් ඒ හොරු දුෂිතයන් අල්ල අලුත් හොරුන් ඇති නොවන ලෙස කටයුතු කිරීම බව පවසනවා. එසේම මෙම බන්ගයේ බොහෝ කාරනා ඇතුලත් කර නැතත් මෙයට පක්ෂව ජවිපෙ චන්දය පාවිච්චිකරන බව බිමල් පවසනවා.

දෙවන හා ජනවරම පාවා දුන් ප්‍රධානම පුද්ගලයා ජනාධිපති මෛත්‍රී බව පවසනවා. රනිල්ට 2015 ජනවරමක් ලබා නොදුන් බවත්රටේ ජනතාව වෙනස බලාපොරෝත්තුවුයේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා වටා බවත් බිමල් පවසනවා. මෙම බන්ගය අත්සන් කිරීමේදී පළමු අත්සන ගසන්නේ සිරිසේන බවත් මෙය සිරිසේනගේ යටි කුමත්‍රණයක් බවත් පවසනවා. රනිල් හොරු 50 ක් ආරක්ෂා කළා නම් තමන් ලගට හොරු ලං කරන 51 ක් ආරක්ෂා කලේ ජනාධිපති බව පවසනවා.

රත්නායක මහතා පවසන්නේ අපි ජනාධිපතිට නයත් බයත් නැති අතර යටිකුට්ටු වැඩ එළිපිට ඔවුන් පවසන බවයි. විශ්වාස බන්ගයක් ගෙන එනවානම් අගමැතිට පමණක් නොව මෙම ජනවරමේ ප්‍රධානියාටත් එය අදාළ බව පවසනවා. මෙය ඔහුගේ ජනවරම මිසක් රනිල්ගේ ජනවරම නොවන බවත් පැවසුවා.

එසේම මෙහි පාවාදුන් තුන්වන ජුදාස් මහින්ද රාජපක්ෂ වන අතර ඔවුන් ප්‍රාදේශීය සැබෑ ජය ගැනීමට දැමු ශක්තියවත් මෙයට නොදැමූ බවත් මේ පසුපස ඔහු නැති අතර ගෝටාගේ කල්ලියේ පිරිසක් මෙය ගෙන ආවේ සිරිසේනගේ උවමනාවට බව හෙලිකලා. සිරිසේන ජනාධිපති රනිල් එලවා ගැනීමට නොයෙකුත් උත්සාහයන් දැරුවත් එය නොහැකිවූ පසු මෙය එකබද්දේ ගෝටාගේ කල්ලිය මතින් කරගැනීමට උත්සහා කල බව පවසනවා.

බැසිල් රාජපක්ෂ යනු ලංකාවේ විද්‍යාත්මකව දේශපාලනය කරන එකම කෙනා බවත් මතවාදීව කුමන ප්‍රශ්න තිබුනත් එය පිළිගන්න බවත් ඔහු රටේ තිබෙන ලයිට් කණු ගණන පවා දන්නා බව බිමල් පවසනවා. එනිසා ඔහු එක පෝස්ටරයක් කටවුට් එකක් 5 මහින්ද අගමැති කරමු ලෙස ගසා තිබෙනවාද යනුවෙන් ප්‍රශ්න කළා.

පොහොට්ටුවට චන්දය ගත්තේ මෙම ආණ්ඩුව රට පාවා දෙනවා විනාශ කරනවා විනාඩියක්වත් මොවුන් සිටිය යුතු ය නොවන බවත් පවසමින් නිසා ඔවුන් බලාපොරෝත්තුවුයේ මහින්ද අගමැතිවනවා යන්නයි ජවිපෙ මන්ත්‍රි පවසන්නේ. එයට හොදම පාර මෙම විශ්වාස බන්ගයෙන් රනිල් පරදවා එයට අවස්තාව සැලසීම වුවත් ඔහු සහ ඔහුගේ කණ්ඩායම මෙය මග හරිමින් සිටින බව හෙලිකලා.

මෙම බන්ගය ගෙනා ගෝටාගේ කල්ලිය මේ වන විට එළියේ බැනුම් අසන බවත් මෙම සිද්දියට ඔහු අකමැත්තෙන් පාවිච්චි වූ බවත් පොහොට්ටුවේ ජනයාගේ ජනවරම පාවා දුන් නිසා තුන්වන ජුදාස් මහින්ද බව පෙන්වා දුන්නා.

ජවිපෙ ලක්ෂ 7 ක් චන්දය දී ඇති නිසා ඒ ජනයාගේ ජනවරම අනුව මොවුන් සියල්ල හොරු බවත් ඩිල් කාරයින් බවත් හොරකම් නොකළ පක්ෂ විපක්ෂ සියල්ල එකතුවී හොරු සියල්ලට විශ්වාස බන්ගයක් ගෙන ආ යුතු බවත් අවසාන වශයෙන් බිමල් රත්නායක මහතා පැවසුවා

About article14

Check Also

හෝටලේ පොඩිම සේවකයාට පවා ‘සර්’ කියමින් එංගලන්ත ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියේ ලොව අංක එක වගේම ඉන් පිටත් අංක එක බව ලංකාවේ කළමනාකරු කියයි.

එංගලන්ත ක්‍රීඩකයන් පිටිය තුළදි මෙන්ම ඉන් පිටතදීත් මහත්වරුන් බව ශ්‍රීලංකා කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක පවසයි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!