Breaking News
Home / Video / “මේ රට මගේ රට” ගීතයට වසර 35 ට පෙර රගපෑ පුංචි මහේල

“මේ රට මගේ රට” ගීතයට වසර 35 ට පෙර රගපෑ පුංචි මහේල

මහේල ජයවර්ධන රූපවාහිනියේ වැඩසටහනකට සහභාගිවූ වෙලේ රූපවාහිනිය විසින් නිපදවූ ” මේ රට මගෙ රට” ගීතයේ පැරනි සංගීත වීඩීයෝවක් ප්‍රචාරය කලා. එහිදී ඔහු එය දෙස සංවේදීව බලා සිටියේ ඔහුගේ මිය ගිය සොයුරා එම වීඩියෝවේ සිටින නිසා.

ඒ වීඩියෝව තම පියා රූපවාහිනියේ සේවය කරන සමයේ ගත් එකක් බව ඔහු පැවසුවා. එය මහේලට අවුරුදු 5 දී පමන ගත් එකක්. තමාගේ මල්ලි වමත් පිතිකරුවකු බවත් ඔහු මොහුට වඩා දක්ෂයෙක් බව ගොඩ දෙනෙක් කියූ බව මහේල පැවසුවා.

තම සොයුරා වෙනුවෙන් “හෝප්” නමින් පිලිකා රෝහලක් 2000 වසරේ ආරම්භ කර දැන් එය රජය විසින් “අපේක්ෂා” නමින් රජය විසින් වැඩ අවසන් කරන් යන බව පැවසුවා. ඊට අමතරව ට්‍රේයිල්” නමින් පාද යාත්‍රාවක් ගොස් යාපනය පිලිකා රෝහලක් හැදූ බවත් කරාපිටියේ පිලිකා රෝහලක් සෑදීමට මිලියන 500 ක් එකතුකර ඇති බවත් මේ අසහයසහය විශිෂ්ට ක්‍රිඩකයා, පුහුණුකරුවා පවසනවා.

මෙවැනි දක්ෂතා ඇති නිහතමානි ක්‍රීඩකයින් මුදල් උපයා එයින් රටට සේවයක් කිරීම ක්‍රිඩාවෙන් රටට කැපවීමෙන් සේවය කිරීම අද සිටින නව ක්‍රීඩකයින් ආදර්ශයට ගත යුතුය. මොවුන් කල හැමදේම ප්‍රසිද්ධ කිරීමට මොවුන්ට එදා සමාජ ජාලා තිබුනේ නැත. එහෙත් අද ක්‍රීඩකයින් ජනප්‍රියතාව ලබා ගැනීමට සමාජ ජාලවලට ඡායාරූප මුදාහැරීමෙන්නම් අඩුවක් නැත.

ඔහුගේ ගීතය සහ වීඩියෝව පහතින් බලන්න..

About article14

Check Also

අපි සමනල්ලු. එහෙනම් අපේ ඡන්දය ආය එපාද? සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්

සිරිසේනට විරෝදය පා ලිප්ටන් වටරවුමේ විරෝධයක්. වීඩියෝව පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!