Breaking News
Home / දේශීය පුවත් / මෙවන් අවස්ථා වල ආදර්ශමත් වන්න. බලය ලද විට විනය රැකෙන්නේ එවිටයි – රනිල් එජාපයට දන්වයි

මෙවන් අවස්ථා වල ආදර්ශමත් වන්න. බලය ලද විට විනය රැකෙන්නේ එවිටයි – රනිල් එජාපයට දන්වයි

ආණ්ඩු බලය තිබෙනවිට ක්‍රියා කරන ආකාරය විපක්ෂයේ සිට කටයුතු කරන ආකාරය මගින් පෙන්නුම් කරන හෙයින් කොරෝනා වසංගත තත්වය යටතේ පක්‍ෂ දේශපාලනයේ පමණක් නොයෙදෙන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් දැනුම් දී ඇත.

ජනතාවට සහන දීමේ අඩුපාඩු පෙන්වා දීම අනිවාර්යෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළයුතුව තිබේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

විපක්ෂයේ සිටින විට ආදර්ශ ලබා දෙමින් ආණ්ඩු බලය ලැබුණු පසු ක්‍රියා කරන ආකාරය ජනතාවට අවබෝධ කර දීමට මන්ත්‍රීවරුන් පියවර ගතයුතු බවද පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා ඇත.

විපක්ෂයට ගිය පළමු දිනයේ සිට කකුලෙන් අදිමින් බොරු පතුරවමින් ජාතිවාදය අවුස්සමින් කෙසේ හෝ ආණ්ඩු බලය ගැනීමට රට හැමතැන දැන් සැප දැයි ඇසීමට එසේ නම් කවුරුත් දැන් රටේ නැතිවෙන බව පවසමින් එවිට ජේෂ්ඨ මන්ත්‍රීවරයකු පවසා සිනාසී ඇති අතර එවිට එජාප නායකයාද අහක බලා සිනාසී ඉවත්ව ගොස් ඇත.

About article14

Check Also

සජබේ කොටස් තුනකට කැඩෙයි චම්පික සජිත්ට එරෙහි කුමන්ත්‍රණයක

සජිත් ප්‍රේමදාසගේ පාර්ලිමේන්තු අපේක්ෂකයින් මේ වන විට තිදෙනකු ඉවත් වී තිබෙනවා, ඒ මංගල සමරවීර නිලුකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!