Breaking News
Home / දේශීය පුවත් / මෙරට දේශපාලන ක්‍රමවේදය පිළිබඳව තරුණ පරපුරේ විශ්වාසය බිඳවැටීලා – රනිල්

මෙරට දේශපාලන ක්‍රමවේදය පිළිබඳව තරුණ පරපුරේ විශ්වාසය බිඳවැටීලා – රනිල්

මෙරට පවතින දේශපාලන ක්‍රමවේදය පිළිබඳව තරුණ පරපුරේ විශ්වාසය බිඳවැටී ඇති බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ අනුව දේශපාලන ක්‍රමයේ වෙනසක් සිදු කළ යුතු බවත් එම වෙනස රටේ තරුණ තරුණියන් සමග එක්ව ඔවුන්ගේ අදහස්වලට මුල්තැනදී සිදු කළ යුතු බවත් පැවසීය.

2015 බලයට පැමිණි ආණ්ඩුව විවිධ අභියෝග මධ්‍යයයේ ඉදිරියට පැමිණ සංහිදියාව නිදහස ස්ථාපිත කළ බවත් දැන් කළ යුතුව තිබෙන්නේ පවතින ක්‍රමවේදය වෙනස් කර තරුණ පරපුරේ විශ්වාසය යළි ගොඩනඟමින් ඔවුන්ට යහපත් අනාගතයක් උදාකර දීම බවත් වික්‍රමසිංහ මහතා සිහිපත් කළේය.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (17) අරලියගහ මන්දිරයේ පැවැති ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය බලාත්මක කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමිනි

ලෝක තරුණ දිනය සැමරීමට සමගාමීව සංවිධානය කර තිබූ මෙම උත්සවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය සඳහා අන්තර් ජාලය ඔස්සේ එක්වීමට තරුණ සේවා සභාවේ වෙබ් අඩවියේ වෙබ් පිටුවක් විවෘත කිරීම ද සිදු කෙරිණි.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!