Breaking News
Home / දේශීය පුවත් / මෙන්න ‘සෑර්’ගේ සීන් එක වගේ තවත් එකක්. කවුරුත් නොදන්නා වයඹ මහා ඇමති විදුහල්පතිලට ලියුම් යවලා තමාගේ පින්තුරයක් සල්ලි ගෙවලා අරන් බිත්තියේ ගහගන්න කියලා

මෙන්න ‘සෑර්’ගේ සීන් එක වගේ තවත් එකක්. කවුරුත් නොදන්නා වයඹ මහා ඇමති විදුහල්පතිලට ලියුම් යවලා තමාගේ පින්තුරයක් සල්ලි ගෙවලා අරන් බිත්තියේ ගහගන්න කියලා

දේශපාලකයකු පළාතේ හෝ රටේ හෝ දැන හදුනාගන්නේ සේවයක් රටට පලාතට කලොත් පමණි. නැතිනම් ඔහු ප්‍රසිද්ධ තක්කඩියෙක් හොරෙක් වන්චාකරෙක්ද විය හැක. ලාංකීය දේශපාලනයේ වඩාත් මිනිසුන් ඇලුම් කරන්නේ ජනප්‍රියයත්වයට පමණි.

මෙම සිද්දිය වයඹ පළාත් මහා ඇමතිගේ පින්තුර රාමු කර තිබේ එක එක ප්‍රමාණෙන් එය මුදල් ගෙවා ලබාගෙන තම බිත්තියේ එල්ලගන්නා මෙන් විදුහල්පති වරුන්ට දානවා යැවූ ලිපියක් කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් යවා තිබෙනවා.

රටේ නිලධාරිනුත් හරි හරියට මේවාට උඩගෙඩි දීම නිසා නිලධාරි හා දේශපාලකයා යනු එකම බෝට්ටුවේ පිරිස්ය. වර්තමාන වයඹ මහා ඇමති කවුරුන්දැයි අපත් සොයාගත්තේ අන්තර්ජාලයෙන් වන අතර ඔහු ශ්‍රී ලංකා නිදහස්පක්ෂ්යේ දර්මසිරි දසනායක නම් වූ පුද්ගලයකි. ඔහු 2015 දී මෙම තනතුරට පත්වී ඇත.

එක නගරාධිපතිවරයකු තමාට සෑර් යයි කියන්න කියන විට තමන්ගේ පින්තුරයක් මුදලුත් ගෙවා බිත්තියේ එල්ලා ගන්න මෙන් වයඹ මහා ඇමති කීම රටේ දේශපාලනයට රට පාලනයට සැලසුම් හැදීමට අනාගතය සුරක්ෂිත කිරීමට ජනතාව පත්කර ඇති අය දුටු විට අනුකම්පා සිතෙන්නේ ඔවුන් ගැන නොවේ රටේ බුද්දිමත් යයි කියන රට වැසියා හා ඔවුන්ට දාව උපදින දරුවන් ගැනය.

මෙය මහා ඇමති දැනුවත්ව සිදුවූ දෙයක්ද මහා ඇමතිගෙන් ලකුණු දමාගැනීමට දේශපාලන හෙන්චයියකු කල ක්‍රියාවක්ද යන්නනම් අප දන්නේ නැත. කවුරුන් කලත් මේවා දුටු විට මතක් වෙන්නේ විකටන් මන්දබුද්දීකයන් පමණි

මේ එම ලිපියේ රූපයකි

Image result for dharmasiri dassanayake

Image result for dharmasiri dassanayake

Image result for dharmasiri dassanayake

About article14

Check Also

ප්‍රමාද වූ පළාත්සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය බාධා ඉවත් කිරීමට අගමැති ප්‍රමුක කමිටුව පක්ෂ නායකයින් 20 වනදා මුණ ගැසී තීරණයක් ගැනීමට යයි

පළාත් සභා මැතිවරණ සිමා නිර්ණ කොමිෂන් සභා වාර්තාවේ පවතින අඩුපාඩු සකසා ඉතා ඉක්මණින් පක්ෂ නායක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!