Breaking News
Home / දේශීය පුවත් / මෙන්න තවත් විකුණුම් ප්‍රථිපලයක්! මුහුද චීනෙට අහස ජපානෙට ශ්‍රී ලංකන් ජන්නුන්ට දෙන්න තීන්දු වෙයි..

මෙන්න තවත් විකුණුම් ප්‍රථිපලයක්! මුහුද චීනෙට අහස ජපානෙට ශ්‍රී ලංකන් ජන්නුන්ට දෙන්න තීන්දු වෙයි..

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට ජපන් ගුවන් සේවය කැමැත්ත පළකර ඇති බව වාර්තාවෙයි


මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ උපදේශකවරයෙකු පත්කර ඇති අතර, ඔහුගේ යෝජනා සහ අදහස් ලබන 20 වැනිදාට ප්‍රථම ඉදිරිපත් කරන ලෙස රජය දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට ජපන් ගුවන් සේවය කැමැත්ත පළකළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබෙන අතර,උපදේශකවරයාගේ අදහස් යෝජනාවලින් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද දන්වා ඇත.

ගුවන් සේවා ඒකාබද්ධ කිරීම පිළිබඳ ගිවිසුම් ගතවීමට කටාර් ගුවන් සේවයේ හිමිකරු සමග සාකච්ඡා කළද, ශ්‍රී ලංකන් ගුවන් සේවය මිලදී ගැනීමට කටාර් ගුවන් සමාගම කැමැත්තක් නොමැති බව දන්වා ඇතැයිද අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දන්වා තිබේ.

කටාර් ගුවන් සේවය සමග ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒකාබද්ධ කිරීමට මීට පෙර යෝජනා වී තිබුණා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒකාබද්ධ කිරීම පිළිබඳ කටාර්හි එමීර්වරයා සමගද රජය සාකච්ඡාකර තිබේ.

About article14

Check Also

ජනාධිපති තවම ඉන්දියාවේ. අගමැති හා විපක්ශ නායක අදාල ස්ථාන වලට යයි

අද පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!